Chapter 3 - තරගයේ වීරයා

90 6 4
                                    

එක පැත්තක රන්, රතු, තද නිල් පාට කොඩි ලෙලදෙනවා, අනිත් පැත්තේ සුලෝහිත, අහස් නිල් පාට කොඩි ලෙල දෙනවා. තරග විනිසුරුගේ පලවෙනි විසිල් නාදයෙන් ආරම්භ වෙන්නේ මේ වසරේ පාසල් රග්බි තරග වාරයේ පලමු තරගයයි!

මුන්ගේ සයිස්!! අපේ උන් නිකන් ඇටකෝට්ටෝ වගේනේ. මුන් අපේ ස්ක්‍රම් එක කුඩු කරලා දායි.

බලමුකෝ මල්ලි අපේ අය පොඩි වුනාට මුන්ට වඩා ෆාස්ට්.

ඉෂාන් අයියා මොකද්ද ස්ක්‍රම් එක කියන්නේ. මේ අද දවසේ තඩීගේ පලවෙනි ප්‍රශ්නයයි.

අර රවුමට හැදිලා බෝලේට පොරකන්නේ ඒකට තමයි මල්ලි ස්කෘම් එක කියන්නේ.

තරගය මේ වෙද්දි උද්වේගකර ආකාරයෙන් පැවැත්වෙනවා. **** ලගෙන් ******ලට ******ලගෙන් බෝලේ පාස් වෙනවා හැබැයි තාමත් කාටවත් එක ලකුනක්වත් නෑ.

අඩෝ ට්‍රයි ලයින් එක ළග දැන් නම් එකක් තියන්නම පුලුවන්. කමෝන් ****!!!! ඉෂාන් අයියා ගිරිය කඩාගෙන කෑගහනවා. අංක අටෙන් අංක දහයට, අංක දහයෙන් අංක දහතුනට, අංක දහතුනෙන්.....!!!!

මොකද්ද හු** ඒ වුණේ????

අරූ කොහොමද බෝලේ ගත්තේ. අරූ පාස් එක ඉන්ටෙර්ස්ප්ට් කරානේ. මොකෙද්ද මේ?

පන්දුව අතට ගත්ත *** අංක 15 "චාරුමුඛ රනසිංහ" කගවේනෙක් වගේ උත්සාහක දිනුම් රේඛාව වෙතට.

Try time......... විස්තර විචාරකයා කෑගසනවා!!!!

පන්දුව නැවතත් අංක 15 අතට ඔව් ප්‍රවර්තනයත් සාර්තකයි. ලකුනු 07-00 *** විද්‍යාලය තරගයේ ඉදිරියට. විස්තර විචාරක කෑගහන කොටම කැමරාව අංක 15 වෙතට. ඔව් දැන් ලොකු විද්‍යුත් පුවරුවේ මේ පෙනෙන්නේ *** විද්‍යාලයේ අංක 15 චාරුමුඛ රනසිංහ.

රත්තරං පාට සමේ වර්ණය, පුලුල් වූ උරතලය, කඩවසම් මූණ, නෝට් එකට කපපු කොන්ඩේ. (ඒවගේ ම කොට්ට දෙකක් තියාලා ඹැදලා වගේ පේන පශ්චත් භාගය 🫣) හරියට දැකලා පුරුදුත් වගේ මගේ හිත කියනවා. Victor Krummm???? ඔව් Sri Lankan version of Victor Krum. ඔව් ඔව් ඔව් හර්මයිනි ග්‍රේන්ජර් ජීවිතේට කරපු එකම වරද Victor Krum. ඔව් මගේ ඇස් දෙක ඉස්සරහම.

යකෝ කට වහගනින් මැස්සෝ යයි. සදරු කෑගඇහුවේ එහා පැත්තේ ඉදන්.

පියවි සිහියට නැවතත් ආපු මම "කවුද අයියා මේ ෆුල්බැක්?? මූ හෙන ෆාස්ට්නේ?? අපේ වුන්ට අල්ලනවා කියලා හිතන්නවත් බෑනේ.

The Golden Snitch!Tempat cerita menjadi hidup. Temukan sekarang