Chapter 2 - රග්බි සීසන්

172 12 9
                                    

මචං උඹ කබ්බගේ ටියුට් එක කරාද?

පටන් ගත්තා තාම. ඉවර නෑ බං, අන්තිම ප්‍රක්ෂිප්ත ගාණ තේරෙන්නේ නෑ.

තසුන් උඹ කරාද?

ඔයාට ලූස්ද සදරු. යකෝ මාස ගානක් එකට ඉදලා තාම මතක නෑ මං පිසික්ස් වලට ක්ලාස් යන්නේ නෑ කියලා.එනිවේ දෙන්න බලන්න ඔය අමාරුයි කියන ගාණ බලන්න.
තසුන්ගේ තාත්තා පිසික්ස් සර් කෙනෙක්. තසුන් ශිෂ්‍යත්වේ පාස් වෙලා නුවර ආවට පස්සේ තසුන්ගේ තාත්තත් මාරුවක් හදාගෙන නුවරටම ආවා. මේ වෙද්දි හේ*** එකේ පිසික්ස් සර් තමයි තසුන්ගේ තාත්තා.

අඩෝ උබට නම් මරු ඈ. ඕනේ දෙයක් අහගන්න ගෙදරම එක්කෙනෙක් ඉන්නවා ඒකට අපිට..

Please... සදරු මට වෙන වැඩ නෑනේ තාත්තිගෙන් ඕවා අහන්න. එයාට හැම වෙලේම වැඩ. එක්කෝ ඉස්කෝලේ මොකක් හරි වැඩක් නැත්නම් නැත්නම් ටියුෂන්. මාත් මොනව හරි අහගන්නේ තාත්තා ගෙදර කරන ක්ලාස් එක වෙලාවෙදි තමයි.

තඩී මොකද කතා නැත්තේ? නෑ මං කල්පනා කරේ අදත් අපි කැන්ටිනට යද්දි රොටී ඉවරවෙලා තියෙයිද කියලා. ඊයේත් පිසික්ස් කාරයා ඉන්ටවල් එකෙන් විනාඩි දහයක් ගත්තා. අදත් ගත්තොත් අදත් රොටී නැතිවෙයි.

අඩෝ උඹට නම් කන බනේමයි. ඒක නෙමේ ජනිත් ලගේ සෙට් එක ඉන්ටවල් එකේ ක්‍රිකට් ගහනවා කිව්වා. යමුද ගහන්න? ලයිබ්‍රි පීරියඩ් එකත් අල්ලලා ග්රවුන්ඩ් එකේ ඉන්න තමයි ප්ලෑන් එක.

මට බෑ. එකක් මට ඔය සෙට් එක අල්ලන්නේ නෑ. අනික ඔය එකෙක්වත් තඩීව සෙල්ලම් කරන්න ගන්නෙත් නෑ. ඔයා යන්න මං තඩී එක්ක යනවා ලයිබ්‍රරි. මං මේ දවස් වල Game of Thrones කියවනවා ඒක කියවන්න පුලුවන් ලයිබ්‍රි පීරියඩ් එකේදි.
ක්‍රිකට් මට පෙන්නන්නම බෑ. කැහැටු කොල්ලෝ ටිකක් බෝලේකට පැය ගාණක් තඩි බානවා. අනික ෆුට්බෝල්. කැහැටු කොල්ලෝ ටිකක් පැය ගාණක් බෝලේකට පයින් ගහනවා.
ඒකට රගර් 🫣🫣

අන්න පිසික්ස් කාරයා එනවා.

අනේ අදවත් කලින් යන්න අප්පාහ්. මට රොටී කන්න

🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄

අඩේහ් මේ වීකෙන්ඩ් එකේ රග්බි සීසන් එක පටන් ගන්නවා. අපිට ෆස්ට් මැච් *** එක්ක පල්ලේකැලේ ගහන්නේ යමුද බලන්න? අයියාකාරයාත් එනවා කිව්වා උගේ කාර් එකේම යන්න පුලුවන් ඔක්කොටම.

The Golden Snitch!Donde viven las historias. Descúbrelo ahora