Chapter 4 - අපි කවුරුද?

98 7 14
                                    

ක්‍රෂ් එකක්?? ඒකත් කොල්ලෙකුට?? කොල්ලෙක් නම් කෙල්ලෙක් හොයාගන්න ඕනේ, කෙල්ලෙක් නම් කොල්ලෙක් හොයා ගන්න ඕනේ. ඒකයි සමාජ සම්මතය. ඒත් මට මේ මොකද්ද වෙන්නේ? ඇත්තටම මම කවුද? ඇයි මට චාරුව මතක් වෙද්දි පපුව කීරී ගැහිලා යන්නේ? මොනවා වුණත් මේ දැනෙන ඃඇගීමට මං ආසයි.

උබ බබා, මෙච්චර කාලයක් ඩැනියල් රැඩ්ක්ලිෆ්, හෙන්‍රි කැවිල්, රයන් රෙනෝල්ඩ්ස් ගැන හිත හිත ලිංගික පෙම් මදිරා වගුරද්දි උබ දැනන් හිටියේ නැද්ද උබ සමලිංගිකයෙක් කියලා? 9 වසර 10 වසර ඉද්දිම මේවා ගැන ගූගල් කරලා හොයලා බලද්දි ඉගෙන ගත්තා නේද ලංකාවේ මෙහෙම සම්බන්ධතා තහනම් කියලා? එහෙනම් මොන මගුලටද බූරූ තසුනෝ ජීවිතේට වෙන්න බැරි දෙයක් ගැන හිත හිත වද වෙන්නේ???

මෙහෙම කියන්නේ මගේ හිත.

ඒකත් ඇත්ත. මගේ තියන කාලකණ්නිකමට මට මෙහෙම දෙයක් වුණාට ලෝකේ අනිත් මිනිස්සු පලි නෑනේ. සමහර විට අපේ මුලු ස්කෝලෙම ඉන්න එකම සමනලයා මම වෙන්න ඇති. එක්කෝ මුලු නුවරටම ඉන්න එකම සමනලයා මම වෙන්න ඇති? සමහර විට මුලු ලංකාවටම ඉන්න එකම සමණලයා මම වෙන්න ඇති. එහෙම එකේ ඇයි මම මේ බොරුවට හිත ඔද්දල් කරගන්නේ. ඒකත් චාරුමුඛ වගේ ප්‍රසිද්ධ, කඩවසම් කොල්ලෙක් ඔව් කොල්ලෙක් ගැන හිතලා? මගේ තාර්කික බුද්දියට අනුව සදරුට තරුෂිව දැලේ දාගන්න අඩුම වශයෙන් 10% ක සම්භාවිතාවක් තියනවා

ඒත් මට?
චාරු කියන්නේ කොල්ලෙක්!
එයා ප්‍රසිද්ධයි!
අනිවා එයාට කෙල්ලෙක් ඇති!
මිනිහා ලස්සනයි මම නවදැලි හේනේ ගින්නට හසුවූ රිළවෙක් වගේ!
ලංකාවේ සමලිංගිකත්වය තහනම්!
මංව පොලිසියෙන් අල්ලලා හිරේ දායි!
ඔව් මං අපරාධ කාරයෙක්, ලංකාවේ තහනම් දෙයක් කරන්න හදන පර්වර්ට් කෙනෙක්!

අම්මෝහ් මේ හේතු ටික බලද්දි චාරු මට අයිති වීමේ සම්භාවිතාව 0.0000000000000000000001 ක් විතර.

බබාට හෙට ක්ලාස් නේද? ඔය මොන්ගල් අදහස් ඝැන හිතන්න නැතුව නිදාගන්න. නැත්තම් පංති ගිහින් නිදාගෙන කාලකන්නියා වරෙන් රෑට පොල්තෙල් කාලකුත් අරගෙන කියලා බැණුම් අහගන්න තමයි වෙන්න ක්ලාස් එකේ නිදි කිරා වැටුණොත් එහෙම.

The Golden Snitch!Where stories live. Discover now