5) කවුද නුඹ කවුරුන්දෝ...

26 9 1
                                    

" වට්....මිස්ටර් සෙත්ගෙ ගෙට පනින්න... අමු කැවිලද ජෙස්... ඒ මොකටද.... "

මම බලාපොරොත්තු වුණ විදිහටම කොලින් මගේ ඉල්ලීමට අනිත් පැත්තට ප්‍රතිචාර දැක්කුවෙ ඔහොම තමයි....
හිතන තරං මෝඩ නෑ ඉතිං....
යාළුවා කීව පලියට ගෙයක් බිදින්න යන්න ඌ වුණත් කැමති නෑනෙ...

මම උගුර පෑදුවා....
කොලිනුයි ඌට එහාපැත්තෙ වාඩ්වෙලා ඉදිය නිකීයි දෙන්නා මම මොනවා කියාවිද බලන්න ඇස් ලොකූ කරන් බලන් ඉන්නවා....

"මෙන්න මෙහෙමයි සිද්ධිය..............
....................

මම විනාඩි පහළොවක් අරගෙන එයාලට හැමදේම පැහැදිලි කරා....
අර යූරි ගැන මට දැනෙන අමුත්ත හැර... ඉතුරු හැමදේම......
මම ලැබ් එකට ගිය හැටි... සේරා පූසි මැරෙනවා දැක්ක හැටි... යූරි ඇඩුව හැටි...පූසිව වලදාපු හැටි.... ඊලග දවසෙ කේටි සම්බන්ධ සිද්ධිය....
ඔය ඔක්කොම....

"එතකොට කේටි ගෙ අතුරුදහන් වීමට හේතුව මිස්ටර් සෙත් ද??
හරි ....එතකොට උඹලගෙ තාත්තා ???
මේ හැමදේම එකට සම්බන්ධ කරන තැනක් තියෙනවද ?? මට හිතාගන්න බෑ..... "

කොලින් ගේමට බැස්සා... ඌ හොද තින්කර් කෙනෙක්....

මමත් ඔලුව වැනුවා...මට හිතාගන්න බෑ......

"ජෙස්...ඔයාලගෙ තාත්තයි මිස්ටර් සෙතුයි යාළුවො නෙ...නිකම්ම යාළුවො නෙවේ... දෙන්නම රසායන විද්‍යාව ගැන උනන්දු අය.....?? මෙතන මොකක් හරි සම්බන්ධයක් තියෙයිද?? "

නිකී අහද්දි මම ඔලුව වනලා මගෙ ලාච්චුව ඇද්දා.....

"මේ අර ස්ටෙලාගෙ නැතිවුණ පැන්සල් පෙට්ටිය නේද... "

"ඔව්...ඔව්....ඒකෙන් වැඩක් නෑ....මේක බලන්න..... "

මම පෙට්ටිය ඇරියා.... ඒක ඇතුලෙ අර එකම විදිහෙ සමනල්ලු දෙන්නා ඉදියා....

"මේ එකෙක් තිබ්බෙ අපේ තාත්තා ළග... අනික තිබ්බෙ ලැබ් එකේ... මොකක් හරි සම්බන්ධයක් තියෙනවා මේ දේවල් වල...... "

"ඇයි අපිට පොලිසියට කියන්න බැරි..."

ඔන්න කොලින් අහන මෝඩ ප්‍රශ්න....
නිකී ඌගෙ ඔලුවට පාරක් ගැහුවා...

"කෝ සාක්ෂි මොට්ටයො...... ජෙස්!! අදහසක් ආවා... අර වීඩියෝව.... යූරි කේටිට මරනවා කියලා තර්ජනය කරන එක...ඒක යූරිට පෙන්නලා තර්ජනය කරමු.... කේටි අතුරුදන්  වෙලා නිසා යූරිට සැකේ එල්ලවෙනවනෙ ඕක පොලිසියට දුන්නොත්... එයාව බය කරලා ජෙස්ගෙ තාත්තයි කේටි ගැනයි එයා දන්න දෙයක් අහගත්තෑකි......"

කළු සමනල්ලු ( SHORT SCI FIC ) ✔️Where stories live. Discover now