10) සැනසුම දුර නැහැ

44 8 11
                                    


" ජෙස්...එයා ඇත්ත ළමයෙක් වුණාද ඒ කියන්නෙ.... එයාට අන්තිමට අම්මව හම්බුණාද...?? "

යූරි මට එහා පැත්තෙන් එරමිණියා ගොතාගෙන බිම ඉදගෙන අත් දෙකත් නිකටෙන් තියාගෙන ටීවී එක දිහා බලන් ඇස් ලොකු කරගෙන අහනවා.....

මම සෝෆාවට හේත්තු වෙලා ඈනුමක් ඇරියා...
අපි මේ Artificial  intelligence ෆිල්ම් එක බලන්නෙ දස දහස් වෙනි වතාවටද කොහෙද....ඒත් බලන හැමදාකම යූරි එකම ප්‍රශ්න ටික අහනවා....

"අනේ ජෙස්...එයාට අම්මා එක්ක ඉන්න හම්බෙන්නෙ එක දවසයිනෙ.. "

ඩේවිඩ් අම්මා එක්ක දවසම ගත කරලා අන්තිමට නිදාගන්න යන තැනදි යූරි අඩනකොට මම එයාට ටිෂූ එකක් දුන්නා....
කී පාරක් බැලුවත් යූරි හැමදාම එතනදි අඩනවා....

යූරි කියන විදිහට එයාට ඩේවිඩ්ව ගොඩක් දැනෙනවලු... හේතුව එයාවත් ඩේවිඩ්ව වගේම ඇත්ත ළමයෙක් නූන නිසා ඇතෑරිය එකලු....
ඒත් ඩේවිඩ් ට වගේ එයාට එයාගෙ ඇත්ත අම්මව කවදාවත් මුණ ගැහුණෙ නෑලු ...

"ඔයාට අපේ අම්මා ඉන්නවනෙ යූරි... හැමදාටම... හරිද.... "

යූරි අඩ අඩම ඔලුව වනනවා...  ඊට පස්සේ බිම දිගෑදිලා මගෙ උකුලෙන් ඔලුව තියාගන්නවා.....

හැමෝම හිතන විදිහට යූරි මගේ හදාගන්න ගත්ත අයියා වුණාට එයාව මට දැනෙන්නෙ වෙලාවකට දරුවෙක් වගේ....

දැන් අර සිද්ධිය වෙලා අවුරුදු පහක් ගිහින්...
අපේ පවුලම නෝවුඩ් වලින් ඈතට ගියා... ඉදහිට තාම මම නිකීටයි කොලින්ටයි කතා කරනවා...එයාලත් දැන් වැඩිහිටියො නිසා කතා කරන්න හම්බවෙනවා හරි අඩුයි....
කාලයක් යනකං අපේ තාත්තටත් සෙත් සම්බන්ධ නඩුවට යන්න වුණා...
එයා කලින් කීවා වගේම සෙත්ට වෙඩි තිබ්බෙ එයා විධිහට තමයි පොලිසියට කට උත්තර දුන්නෙ.....
නඩුවාර කීපෙකට පස්සෙ සෙත්ව නීති විරෝධී විද්‍යා පරීක්ෂණ පැවැත්වීමට විරුද්ධවයි පැහැරගැනීමේ චෝදනාවට විරුද්ධවයි වැරදිකාරයා විදිහට තීන්දු වුණාට පස්සෙ සෙත්ගෙ මරණය ආත්මාරක්ෂාව වෙනුවෙන් කරපු මරණයක්  විදිහට තීන්දු වෙලා තාත්තාව සම්පූර්ණයෙන්ම නිදහස් වුණා...

සෙත්ගෙ අමුතු පරීක්ෂණ ගැන තොරතුරු එක එක විදිහට පත්තර වල , ටීවි එකේ එහෙම ගියා... සමහරු කීවෙ පිටසක්වල ජීවියො ගෙන්නන්න පරීක්ෂණ කරපු කතාවක්... සමහරු කීවා විකෘති ජීවියො හදන්න සැලැස්මවල් හැදුවා කියලා .. සමහරුන්ට අනුව සෙත් කියන්නෙ තරුණ ගෑනු ළමයෙක්ව පැහැරගෙන ගියපු නාකි මනමාලයෙක් ...

කළු සමනල්ලු ( SHORT SCI FIC ) ✔️Where stories live. Discover now