8 කොටස (රුහිරු)

108 17 3
                                    

ටකස්




ටකස්





ටකස්






ටකස්






පෞද්ගලික රෝහලක ප්‍රසූතාගාරයටත් දැඩිසත්කාර ඒකකයටත් මුහුනලා තිබුණු කොරිඩෝවේ බර අඩි තියන කලු ලෝගුකාරයෙක්.....

ඒ වගේම සුදු වේට්ටි ඇදගත්තු හයේ හතරේ පිරිමිත් දහ දොලහක් එක්ක සාරි පටලවගත්තු ගෑණුත් දෙතුන් දෙනෙක්....


කලු ලෝගුකාරයා උන තමන්ගේ නායකව මුරක‍රන්න ඒ ආපු උන්ගෙත් මූණු වල තිබුණේ අර ලෝගුකාරයගේ වගේම සෑහෙන ලොකු තිගැස්මක සේයාවක්....





"මාත්තියා...."




"සොල්ල ඩී , මොකද මැටිල්ඩා......"




"ලොකු කදිරගාමන් මාත්තියා තමා ඇවිත් ඉන්නව.... පොඩි මාත්තියක් පාක් එකේ තමා ඉන්නවා....."





"මොකටද එවිල්ලා...."




"දන්නෙ නේ මාත්තියා......"




"සරි මන් එන්නන්........"




වේලාසන වැඩියි.... ඉක්මන් වැඩියි.... හත් මාසෙන් ජෙස්මින්ට එන්න ඕනෙ වෙලා.... වේදනාවේ විලාපයක් විලිරුදාව එක්කම නේත්‍රාව කිටි කිටි කිටියේ වෙලා ගත්තා දැනට හෝරාවකට කලින්....

විස්සුව විකල් උනා.... කොයිවත් ලේ දැකල තිබුණ විස්සුට නේත්‍රාගේ කකුල් අස්සෙන් ගලාන ගිහිපු ලේ පාරවල් වල සැර නම් දරාගන්න බැරුව ගියා.... වෙව්ලන අත් වලින් නේත්‍රාව උස්සගෙන ඉස්පිරිතාලෙට ආවත් , ඒ වෙද්දිත් හැලහොල්මනක් වත් නැති නේත්‍රාගේ ප්‍රාණ නිරුද්ධ සිරුර කිව්වේම අසුභ ලකුණක්.....

අවුරුදු ගානක ආදරේ..... තමන්ගේ කසාද මනුස්සයා.... තමන්ගෙම ලේ කුසේ දරන් ඉන්න මනුස්සයා..... කවුරුත්ම නෙමේ තමන්ගෙ පණ ඩිංග සෑහන ලොකු අවදානමකලු.... පැයක් තිස්සේ රතු එලිය විතරක්මයි....





"අණ්නා.... විශාල්... අණ්නා... මගෙ අයියා.... අයියට කොහොමද...."




"තාම කිව්වෙ නේ.... වාඩි වෙලා හිටින්...."




හිමනි , තුහිනගේ නංගි ආවේ හුස්ම අල්ල අල්ල හති ඇර ඇර මහා වේගෙට දුවගෙන.... ඒකි ආවෙත් පොත් මල්ලත් උස්සගෙන.... ඔහේ මහ කඳුලු බින්දු ඒ කෙල්ලගේ කම්මුල් දිගේ බේරෙද්දි , විස්සු මක් කරන්න්නද අහක බලනව ඇරෙන්න.....




රිදුම් දුන් ,  (Bl SHORT STORY) [COMPLETED] Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ