2 කොටස (බිඳුනු)

157 24 4
                                    

"මැටිල්ඩව එවපන් අයිශ් වතුර එකකුයි ශර්ට් එකකුයි එක්ක.... මතක ඇතුව මගේ ශර්ට් එකක් සරී .... අරකිට බිම බලාගෙනම රූම් එකට එන්න කියපන් , කෙලින් බෙලිලි වානා...."

අයිස් කැටත් එක්ක වතුර පාරක් මුලු මූණම තෙමන් ගියා සිහියක් පත නැතිව උන්න තුවාලකාරයගේ.... හැබැයි වතුර පාර නිසාම තඩිස්සි වුන ඇස් හෙමි හෙමින් ඇරෙන්න ගත්තා... තිබහක් දැනෙන්න ගත්තා , පැය ගානකින් වතුර පොදක් නොලැබුණ හන්දද කොහෙද.......



"ව්....ව...තු.....ර......"



යන්තමට ඔලුව උස්සපු කෙසඟ තරුණයා පිපාසෙන්ම මැරෙන්න බයේද කොහෙද අකුරු අහුලන් ඉල්ලුවා.... දිව ගිලෙන්න එද්දි , ඉවසල බැරිම තැන ඉල්ලුවා....

නමුත් මොහොතකින් ඔහු හිතුවා, නොඉල්ලන්නයි තිබුණේ.......

විජයපත්‍රේ කෙරුම් කමටද , නැත්නම් වෙන හේතුවකටද නොදන්නව උනත්.... නාලිකා මූල වලින් පටන් ගෙනම රත ගැහුණු ඇස් , දත් මිටි කැවිල්ල හන්දම නහර පෑදුනු හකුපාඩා.... වැටෙන බර හුස්මවල් නිසා විඩෙන් විඩ පිම්බෙන පපුව...... යක්ෂයෙක් හා සමාන ඒ පෙනුම.....

අර තරුණයව පසු තැව්වා... වතුර ඉල්ලුවට පසු තැවෙව්වා......

"වතුර.... ම්ම්... මෙන්න... යෙන්නම්මා... කලින් කියන්නෙ යෙපාද... මං උඹට ඉල්ලපු දෙයක් නොදී ඉඳල තියෙද...."

අර යක්ෂ පෙනුම කොහෙ ගියාද මන්දා තප්පරේට.... ඕනවටත් වඩා නිවුන පාටයි..... ඒ කියන්නේ ඕනෙවටත් වඩා අසුභයි.... ආයෙත් ලැබෙයිද පාරක් බිත්තියයෙම වදින්න..... තරුණයා හිතුවා.... නමුත් මේ පාර නම් ඔහුගෙ අනුමානේ වැරදියි වගේ , ලෝගුකාරගෙන් වතුර ලැබුණා.... දීමනාවක්ද කොහෙද, නළල් හාදුවකුත්....


"ඇතිද මගෙ නේත්‍රා....."


වචන කොහෙන්ද විස්සුගේ නේත්‍රාට.... හිරවෙලානේ කොල්ලව කතා කරගන්න වත් බැරි වෙන්නම..... විස්සු නම් වෙච්ච ආදර ලෝගු කාරයගේ ප්‍රේම ආමන්ත්‍රණ හන්දම නේත්‍රා නම් වෙච්ච කෙසඟ තරුණයා ගොලු වෙලාම ගිහින්....

මගෙ නේත්‍රා , විස්සු තමන්ගේ ආදරවන්තයව ඇමතුවෙ එහෙමයි... යෙන්නම්මා... ආදරේ පිරුණු තැන , උතුරන තැන ආමන්ත්‍රණේ එහෙමයි.....

රිදුම් දුන් ,  (Bl SHORT STORY) [COMPLETED] Dove le storie prendono vita. Scoprilo ora