"නංගි, දැන්ද ඉස්කෝලෙ ඇරිලා එන්නෙ?"
මං පඩිපෙලෙන් බහිද්දිම ලෙහන්සා නංගි බෑග් එකත් කරේ දාගෙන ගේ ඇතුලට ගාටනවා. කෙල්ලට හොදටම මහන්සි පාටයි.
"අහ් ඔව්. අයියා ඉස්කෝලෙ ගියෙ නැද්ද?"
මාව දැක්කම මූණෙ ඇදුන ලස්සන හිනාවත් එක්ක අහපුවාම මං නෑ කියන්න ඔලුව වැනුවා.
"අද ගියෙ නෑ. ඊයෙ ප්‍රැක්ටිස් ගිහින් ඇවිත් මහන්සි හිතුනා."
"පුතා කොහෙද යන්නෙ?"
ලෙහන්සා නංගිගෙ අම්මා, ඒ කියන්නෙ මගෙ නැන්දා, එයත් ඉතින් මගෙ අම්මා වගේ තමයි. මාමා, ඒ කියන්නෙ මගෙ තාත්තගෙ මල්ලි, නැති උනේ නංගි පොඩි කාලෙ. නැන්දයි, අපේ අම්මයිත් හොදම යාලුවො හින්දා ඒ දෙන්නටත් දැන් ගොඩක් වෙලාවට ඉන්නෙ අපිත් එක්ක අපේ ගෙදර.
මං නම් හරි ආසයි ඒගොල්ලො ඉන්නවට.
"නැන්දෙ මං මේ ගමනක් යන්න කියලා."
ආස උනාට ඉතින්, මේ වගේ අවස්තා වල හරිම අවාසියි. යන්න කොහෙද, එන්නෙ කීයටද වගේ ප්‍රශ්න වැල් වගේ ගලාගෙන එන්නෙ.
"කොහෙද ගමන ඉලන්දාරියා?"
අහ් හරි. අද ඉතින් මෙතනින් යන්න පැයක්වත් යනවා. ඒ ඇහුවෙ අපේ තාත්තා.
"අර අලුතෙන් කැෆේ එකක් දාල තියෙන්නෙ Marine Drive එකේ. අන්න ඒකට."
තාත්තට බොරු කියන එක ලේසි වැඩක් නෙමෙයි. එයා කොළඹ ප්‍රධාන පෙලේ පිරිම පාසලක ප්‍රින්සිපල් නෙහ්. මාත් ඉතින් ඒකටම තමා යන්නෙ. ඒ උනාට ඒක නෙමෙයි මෙතන පොයින්ට් එක. එයා ළමයි කියවන්නෙ පත්තරේ කියවනවා වගේ. මාං බොරුවක් කියද්දි අල්ල ගන්න එක එයාට මහ ලොකු වැඩක් නෙමෙයි.
"දැන් එද්දි කීය වෙනවද?"
එහෙම අහන ගමන්, මට ඇවිත් සෝෆා එකෙන් ඉදගන්න කිව්වම, මං ලොකු හුස්මක් පහල දාලා ගිහින් ඉදගත්තා. ඉස්කෝලෙ, ගෙදර කියලා නෑ, හොස්ස ලගින් මැස්ස යන්න බෑ, වේවැල් පාර තමා.
"ආහ් හය වෙන්න කලින් එන්නම්. පොඩ්ඩක් බීච් එක පැත්තෙත් ගිහින්."
හොද වෙලාවට කලින් බොරුව හදාගත්තෙ.
"හත වෙන්න කලින් එනවකො, ඒ ඇති. චමත්ක, ඒ උනාට මට කතා කරන්න දෙයක් තියෙනවා ඔයා එක්ක."
YOU ARE READING
ක්ෂිතිජයෙන් එහා | Beyond The Horizon
Romance"ආදරෙයි තමයි, ඒ උනාට ලෝකෙට අසම්මත බැදීමක නවතින්න මට බෑ. එහෙම කරන්න වෙනවනම් මං නවතින්නම්. මට යන්න දෙන්න..."