තාත්තා දොර ඇරිලා වචනයක්වත් කියන්නෙ නැතුව මං දිහා එක එල්ලෙ බලාගෙන ඉද්දි, වචන දාහක් කිව්වටත් වඩා පුදුම බයක් මට දැනුනෙ.
"තාත්තෙ ම-මං—"
කියලා ඉවර වෙන්න කලින් දොරෙන් පැත්තකට වෙලා ඇතුලට එන්න කියලා කිව්වම, කියන්න ගිය එක නවත්තලා මං ඇතුලට ගියා. කකුල් දෙක වෙවුලන එක නවත්තගන්නත් බෑ, පපුව ගැහෙන එක නවත්තගන්නත් බෑ. තාත්තා කතා නොකර ඉද්දි, කතා කරනවට වඩා මං බයයි.
කිසි කලබලයක් නැතුව හෙමීට දොර වහලා මං දිහා බලනකම් මං හිටගත්ත තැනම හිටගෙන හිටියා. ඊට පස්සෙ ඇවිල්ලා මගෙ ඉස්සරහින් හිටගත්තම, මං තාත්තා දිහා බැලුවෙ දැන් මොනා කියන්නද කියලා හිතාගන්න බැරුව. ඉස්සෙල්ලා කියන්න ගිය ටිකත් අමතක උනා තාත්තගෙ මූණ හරියට දැක්කම.
තරහ ගිහින් කියලා සාමාන්‍යෙන් දකින කෙනෙක්ට කියන්න බැරි උනාට, මට කියන්න පුලුවන්. තාත්තට තරහා ගියාම ලාවට ඇස් රතු වෙනවා.
මොනවත් හිතන්න කලින් මගෙ පැත්තට අතක් ඉස්සුනාම මං ඇස් වහගත්තෙ නිකම්මයි, ඒ උනාට ටිකකින් මං හිතුවෙ නැති විදියට කටහඩ සොෆ්ට් වෙලා මං ගැන වද වෙන ටෝන් එකකින් කතා කරපුවාම මං පුදුමෙන් ඒ දිහා බලද්දි, මට ගහන්න උස්සපු අත හෙමීට මගෙ කම්මුල අතගෑවා.
"රන්ඩු උනාද?"
තාත්තගෙ ඇස් වල තිබ්බෙ ඔක්කොටම වඩා පුදුමයක්. හරියට නිකම් මේ ලෝකෙ වෙන්නම බැරි දේ වෙලා වගේ.
එහෙම කරුණාවෙන් කතා කරයි කියලා හිතුවෙ නැති හින්දම, තාත්තගෙ කටහඩ ඇහෙද්දි මට ආයෙ කදුලු ආවම, මං අඩන්නෙම නෑ කියලා මටම කියාගෙන හෙමීට ඔව් කියන්න ඔලුව වැනුවා.
"මට සමාවෙන්න..."
මං ඒක කිව්වෙ හැමදේටම. තාත්තට මං මෙතන කියන නොකියන හැමදේටම. ඉස්සරහටත් කරන්න වෙන හැමදේටම. තරහින් කතා කරද්දි, සලකද්දි වගේ නෙමෙයි, මෙහෙම ආදරෙන් මං ගැන බලද්දි, දැනෙන වරදකාරී හැගීම හරි වැඩියි.
"කවදාවත් නැතුව මොකද?"
තාත්තා ආයෙ අහපුවාම, මං හොද හුස්මක් අරගෙන, කතා කරන්න ගත්තත්, මගෙ කටහඩ හරි දුර්වලයි. අඩලා, කෑගහලම බැරැන්ඩි වෙලා.
YOU ARE READING
ක්ෂිතිජයෙන් එහා | Beyond The Horizon
Romance"ආදරෙයි තමයි, ඒ උනාට ලෝකෙට අසම්මත බැදීමක නවතින්න මට බෑ. එහෙම කරන්න වෙනවනම් මං නවතින්නම්. මට යන්න දෙන්න..."