මං දැන් ප්‍රැක්ටිස් වෙන්න අරන් පැය එකහමාරක් විතර. ඇයි අප්පා මේක මෙච්චර අමාරු. ඒ මදිවට අතත් රිදෙනවා, ගන් එක හෙන බරයි.
"කලබල වෙන්න එපා චමත්ක, ඔයා තාම ටෙන්ස් වෙලා ඉන්නෙ. හොද හුස්මක් ගන්න, හිත සැහැල්ලු කරගන්න. එහෙම නැතුව ඒම් එක ගන්න බෑ. ශූට් කරද්දි හිත එකාත්මික වෙන්න ඕනෙ."
හරි මගුලක් තමයි ඒකත්. මිනිහෙක්ට වෙඩි තියද්දි කොහොමද දන්නෑ හිත එකාත්මික.
"අහ් හා."
කිව්වට බෑ මට මේ මගුල බෑ. තාම එකක් ශූටින් බෝඩ් එකට වැදුනෙ නෑ.
"ඔයාගෙ පොස්චර් එක නම් හොදයි. කලින් ශූට් කරලා තියෙනවද?"
අනේ ඉතින් බලන්නකො මෙයාගෙ මොලේ තරම නෙහ්? කලින් කරලා තියෙනවා නම් මනුස්සයො, එක්කො ඔන්නෑ. මොනා උනත් මගෙ කෝච් නෙහ්.
"නෑ. කලින් කරලා නෑ."
මං ඔලුවත් දෙපැත්තට වනන ගමන් කිව්වම, කෝච් හිනා වෙලා ආයෙ ශූටින් බෝඩ් එක පෙන්නුවා.
"මොකද එකපාට්ටම ඉගෙන ගන්න හිතුනෙ?"
මං ආයෙත් සැරයක් පැය කාලක් විතර අහකට ශූට් කරලා ඉවර උනාම, මට වතුර බෝතලේකුත් පාස් කරලා ඉදගන්න එන්න කියලා කියන ගමන් කෝච් ඇහුවා.
"එහෙම විශේශයක් නෑ. ආස හිතුනා."
"නරකද වෙන දෙයක් කරොත්?"
හරි හරි ඉතින්, මට මේක බෑ කිව්වා නම් ඉවරනෙහ්.
"කෝච් කියන්නෙ මට මේක කරන්න බෑ කියලනෙ..."
"ඈ? මං කොහෙද එහෙම කතාවක් කිව්වෙ?"
කෝච් කන්ෆියුස් වෙලා ටික වෙලාවක් මං දිහා බලාගෙන ඉදලා ඊට පස්සෙ මොනා හරි එකපාර තේරුනා වගෙ ලාවට හිනා උනා.
"Overthinker කෙනෙක් නෙහ්."
මං බිම බලාගෙන එක අතකින් මගෙ අනිත් අල්ල පහුරුගාන්න ගත්තා. මට මේ වගේ වැඩ බෑ. ඇයි මන්දා. සාමාන්‍යෙන් කොල්ලොන්ට මේවා පුලුවන් කියලා නෙහ් කියන්නෙ.
"චමත්ක, මං කිව්වෙ ඔයාට බෑ කියලා නෙමෙයි. ඔයාට ඉගෙන ගන්න ටිකක් කල් යනවා. හැබැයි බැරි නෑ. මං ඔයාට එහෙම කිව්වෙ, මං මෙතනට එන මිනිස්සු දන්න නිසා. ගන් එකක් අතේ තියෙන මනුස්සයෙක් කියන්නෙ කවදාවත් සුදු මනුස්සයෙක් නෙමෙයි. හැබැයි, දැනට ඔයා එහෙමයි."
YOU ARE READING
ක්ෂිතිජයෙන් එහා | Beyond The Horizon
Romance"ආදරෙයි තමයි, ඒ උනාට ලෝකෙට අසම්මත බැදීමක නවතින්න මට බෑ. එහෙම කරන්න වෙනවනම් මං නවතින්නම්. මට යන්න දෙන්න..."