- 4 -

1.3K 159 220
                                    

විනාඩි දහයක් විතර යනකම් මට ඉන්න තැනින් නැගිටින්න තියා හිතන්නවත් බෑ. වෙලාව හතයි හතලිස්පහයි. මං දැනටමත් සෑහෙන්න පරක්කුයි ගෙදර යන්න. ඒ ඔක්කොටම වඩා මට දරාගන්න බැරි මගෙ ඇග රිදෙන එක. 

මට පේන්නෙ බෑ මේ වගේ වෙලාවට මට ඇඩෙන එක. මට මං ගැනම පුදුම තරහක් එන්නෙ ඒ වෙලාවට. හරිම දුර්වලයි කියලා හිතෙනවා. ඒ උනාට පොඩි කාලෙ ඉදලා දැන් වෙනකම් ඒක හදාගන්න හැදුවත් වැඩක් නෑ, මට ඒක කරන්න බෑ. මොනා හරි උන ගමන් කදුලු එනවා නෙහ්.

චන්දුල් අයියා ටිකක් නපුරුයි කියලා දැනගෙන හිටියා. ඒ උනාට මෙච්චර දරුණුයි කියලා මං දැන්ගත්තෙ අද. මට මීට කලින් එක පාරයි එයාව හම්බෙලා තියෙන්නෙ. ඒ නුරාජ් අයියයි, විරංග අයියයි මාව එයාවයි නුමේන් මල්ලිවයි හම්බෙන්න කැෆේ එකකට එක්කන් ගිය වෙලාවෙ දැන් අවුරුදු තුනකට විතර කලින්. 

මායි නුමේන් මල්ලියි milkshake දෙක දෙක බොන්න ඕනෙ කිව්වම, නුරාජ් අයියයි, විරංග අයියයි බෑ කියද්දි, චන්දුල් අයියා තමයි ඒ දෙන්නව ශේප් කරලා අපිට තව milkshake අරන් දුන්නෙ. ඒ කාලෙ මං අහලා තිබ්බ චන්දුල් අයියා අපිට හොද උනාට ටිකක් අමුතුයි කියලා. ඒ උනාට වැඩියෙ අදුරගන්න කලින් විරංග අයියයි, චන්දුල් අයියයි වලියක් දාගෙන හමෙබෙන එක නැවතුනා.

ඒක තමයි මට අදුරගන්න බැරි උනෙත්. එහමම වෙන්න ඇති එයාටත්. ඒ උනාට ඉතින්, මෙහෙම ගහනවද මිනිස්සුන්ට. හරි නපුරුයි...

මං කොහොම හරි ට්‍රයි කරලා කරලා බිත්තියත් අල්ලගෙන හිටගත්තම, මට හිතුනා ඊට වඩා හොදයි එතනම වලක් කපන් වැලලුනා නම් කියලා. කොච්චර රිදෙනවද කියනවනම් මට ඇත්තටම වමනෙට වගේ. ඔලුවත් කැරකෙනවා. උගුරත් රිදෙනවා. 

ඒ එක්කම වගේ ඔලුව කැරකෙන්න ගත්තම, මං ආයෙ බිත්තියට වාරු වෙලා, ඔලුවෙ පිටිපස්ස ලාවට බිත්තියෙ ගහගත්තා. මට පණ නෑ වගේ. අමාරුයි. ඔක්කොම බොද වෙනවා...

එකපාට්ටම ඔක්කාරෙට ආව හින්දා එහෙමම ආයෙ බිම ඇදගෙන වැටිලා මං වමනෙ කරන්න ගත්තා. මගෙ ඇස් වල කදුලු පිරිලා හින්දා හරියට මොකවත් පේන්නෙත් නෑ ඒ මදිවට මට ඇගට පණත් නෑ, වමනෙ දාන්න පණත් නෑ. මට බොද වෙලා පේනවා ලේත් වමනෙ යනවා.

ක්ෂිතිජයෙන් එහා | Beyond The HorizonWhere stories live. Discover now