හැමදේම වුනේ කුණාටුවෙ ආරාධනාවකට අනුව.
හැබැයි ඉර පෑයූවා ...වෙනදා වගේ ම මල් පිපුනා ..
වෙරළේ රළ තාලේ වුනත් එක වගේ.
මොකක් දෝ දෙයකට අයලීනයට හොදටම හුරු වුන ලේ වැගිරීම් කිසිම දවසක හුරු නොවුන තරුමී වලටත් ඉක්මනට ආවා ...මුල්ම ලේ බින්දුව පොලොවට වැටෙන්නෙ අසහිගෙ තොල් වලින් බේරිලා...
ගන්න හුස්ම පවා වේදනාකාරී ව දරා ගන්න අසහි ට ආයෙමත් සිද්ධ උනා .ඔව් ආයෙමත් ..අර පරණ මාරාන්තික හැඟීම් පණ ගැන්වෙද්දි කඩන් වැටෙන තරුවක් වගේ අසහි කඩන් වැටුනා ...
බිංදුවේ ඉදන් පටන් ගත්ත ජීවිතයක් ආයෙමත් පරණ සෘණ ගාණකට වැටුනම ලේසියෙන් ඒ තත්වයෙන් ගොඩ එන්න බෑ ...ඒක හරියට ගඩොලින් ගඩොල තියල හදපු කුලුනක් සම්පූර්ණයෙන්ම බිමට සමතලා වුනාට පස්සෙ ආයෙමත් ගොඩනගන්න හිත හදා ගන්නවා වගේ වැඩක්...එලිය ලෝකය කලු ද සුදු ද කියල දන්නැතුව , මේ ගෙවෙන්නෙ මොන මාසෙද මොන දවසද කියල දන්නෙ නැතුව එකම කලුවර මන්දිරයක හිර වෙලා අවුරුදු ගානක් ගත කරපු කටුක කාලය අවසාන කරල මෙහෙම නිදහසෙ හුස්ම ගන්න පටන් ගත්තා විතරයි..ඔව් ජීවත් වෙන්න පටන් ගත්තා විතරයි ..ඒ පටන් ගැනීමේ මිහිරම තාවකාලික වෙනකොට ඉතින් මනුස්සයෙක්ට කඩන් වැටෙන්න තවත් හේතු ඕනද ?
හැම මිනිහම කැමති එහෙම කඩන් වැටෙන වෙලාවට තමන්ගේ ආදරය හයිය හත්තිය හොදට තියෙන කණුවක් වගේ තමන්ව දරා ගන්නවට..
සමහර වෙලාවට ගෙවෙන දවස් කොච්චර දරුණු ද කියන එක නෙවෙයි ප්‍රශ්නේ ...ඒ දවස්වල තමන්ට උණුහුම් වැලඳගැනීමක්, හරි හමන් වචන ටිකක් නැති වෙන එක ..ඒත් අසහිගෙ පැත්තෙන් බලද්දි ඕසෝ ඉදියා නම් කියල හිතෙන එක සාධාරණයි. ඕසෝ වුනත් සමහර විට හිතන්න ඇත්තේ අසහි ඉදියා නම් හොදයි කියල වෙන්නැති
..තමන්ගේ මුලු හිතම ඉල්ලන රූපය උණ විකාරෙන් වගෙ පෙනෙද්දි ඒ රූපය ඇත්තක් කියල හිත හදා ගන්න පුලුවන් උනා නම් කියල අසහිට දැනුනි වාර අනන්තයි..අදට දවස් කීයක් ද ...ගණන් කර කර ඉන්නවත් කාලය නාස්ති නොකර ඕසෝට යවපු එක ලියුමකටවත් කිසිම ප්‍රතිචාරයක් නොලැබෙන හේතුව හිතල ම අසහිට මහන්සි...
ඇස් පියා ගත්තම ටිකක් හරි සැනසීමක් දැනෙන්නෙ ඕසෝගෙ රූපය මැවෙනවනම් විතරයි . ඒකෙනුත් ඒ රූපය පෙනුනේ හීනෙන් කියන යථාර්ථය දැනුනම තවත් හිතට හරි වේදනාවයි..
YOU ARE READING
අවාරයේ සකුරා (complete bl)
Historical Fictionඅවාරයේ සකුරා මල් ______________________♡♡ හොදම කාලය මගහැරී උන්මත්තකයකුව නිමක් නොපෙනෙ මහ මග පියමන් කරද්දි දුටිමි අවාරයේ පීපුන සකුරාවක්.... එතැන් පට ආත්ම පරිත්‍යාගයෙන් නුබට පෙම් කලෙමි .... - අසහි... බලාගෙන සචීසන්. ඔය නගරේ මිනිස්ස...