episode 23

30 3 6
                                    

"  කල්පයක දුක්  නසා
   තුන් හිතම සිනැස්සු
   ප්‍රේමය ම දෝතින් බදා
   වැලපෙනවා මිනිස්සු "

(මෙම පරිච්ඡේදය ඕසෝගේ හැගීමෙන් ලියවෙනු ඇත .)

ජීවීතේ කිසිදිනෙක මා  මෙවැන්නක් අපේක්ෂා නොකලෙමි. මෙවැනි දවස් පැමිණෙයිදෝ කියා මට සිහිනෙන් වත් නොසිතුනි..එහෙත් සැමදා මිනිසුන් ගෙ ජීවිතයේ සටහන් වූයේ අනපේක්ෂිත සිදුවීම්ය.
මව් කුසින් මා පය තිබ්බේ මේ තරුමී වල පොලවටය. මා උස් මහත් වුනේ ඒ පොලොවත්, ඒ කරදියත් වෘක්ෂලතාවන්ගෙන් සිසිල් සුවඳත් මුසුවූ  වාතයත්,  නැවුම් මිහිරියාවන් ගෙන දුන් ස්වභාව සෞන්දර්යයත් සමගමය...එය මා සෞන්දර්යවාදී හදවතක උරුමකරුවකු කිරීමට හේතු විය .

මා ආසක්ත වූ දිවිය තරුමී මට ලබා දී තිබුනි ..
නමුත් මා සිටියේ සන්සුන් පරිපූර්ණ සතුටකින් යැයි කිව නොහැක. කුඩා කල සිටම මට ම ආවේණික යම් ජීවන ශෛලියක් මට තිබුනි . ඇතැම් තැනක මා දිනපොතේ මාවම සිනිඳු මෘදු පිහාටුවක් වැනි දෙයකට සම කර තිබුනි. අධික ශබ්දයන්ට මා ඔරොත්තු දුන්නේ නැත . උස් හඬින් කෙරෙන කතා බස් මා හැකි තරම් මඟහැරියෙමි.  එය මා හුදෙකලාවට හිර කර තැබු එක් කාරණයකි. මා ජීවිතේ සුවපහසු කලාපයන්ට ප්‍රිය කරමි. මගෙම නිවස්නෙ හුදෙකලා වී පරිසරය විඳීමට මා ආශා කලේය . ඕක් ගස් ඉවෝ ගස් වලින් ගහන වූ කැලයක කාලය ගෙවමින් සිටීමට මම ආශා කලේය  ..එහි පැතිරි තිබෙන ගුප්ත සුන්දරත්වය මෙන් ම නිහඬතාවයට මම ආශා කලෙමි.

දෛවය කිසි දිනෙක සැමවිටම අපට කරුණාබර නොවේ . සියල්ල උඩු යටිකුරු විය . තවකෙකුට එයා සාමාන්‍ය සංසිද්ධියකි. එසේත් නැතිනම් කෙනෙකු ලද භාග්‍යයි .නමුත් මා එයින් කොච්චර පීඩාවට පත් වුනාද යන්න දන්නේ මමම පමණි. ශිෂ්‍යත්වයකින් තෝකියෝවේ උසස් අධ්‍යාපනයට මා යන විට වයස අවුරුදු 16 කි . එලෙස යාමට මා සිත හදා ගත් එකම කාරණය පවුලේ අයගෙ සතුටයි. නගරය හා ගම යනු මට අනුව අහසට පොලොව මෙන් ය ..
උස් හඬින් කෙරෙන කතා බස් පවා නොරුස්සන මට සිදු වූයේ පැය විසි හතරම කන් බිහිරි කරවන තරම් නොයෙක් ශබ්ද තරංග රැව් දෙන නගරයේ තනි වන්නටය . ඊටත් වඩා ගම මගේ ජීවන චර්යාවන් පිළිගත්තද නගරය එසේ නොවුනි.
මා කොතරම් මානසික හා ශාරීරික ව ඔවුනගෙ වධ හිංසා ඉවසුවාද යන්න දන්නේ ඔවුන් හා මා පමණයි.ඇතැම් දිනයක මා හට හැඬීමට හෝ සියුම් ඉකි ගැසීමක් වත් කරගන්නට බැරි තරම් අප්‍රාණිකව විසුවෙමි.  ඒ ජීවිතයේ එකම සැනසීම නම් වාර අවසාන නිවාඩුවට ගම් බලා ඒම පමණයි. නමුත් ටිකෙන් ටික ගමේදී පවා මට ඒ දරුණු හුදෙකලාව හා වේදනාව දැනෙන්නට විය . කාලයක් ගත වන විට ගම හා නගරයෙහි මට දැනුනේ එකම හැගීම් ය .නගරයේ වූ සියලු දුක්ඛිතයන් මා පසුපස ගමට ද පැමිණියේය.  ආපසු හැරී බලන කල මා යනු ශෝකාන්තයක් බවට පත් වූ හුදෙකලාවකි

අවාරයේ සකුරා (complete bl)Where stories live. Discover now