මුලු සර්වාංගයම ඇදුම් කන වේදනාවත් එක්ක ඕසෝට එකදිගට සිහිය තියා ගෙන ඉන්න පුලුවන් වුනෙ නෑ ... යටි බඩෙන් එන අසීමිත වේදනාව එක්ක උඩු පෙලි අතට ඔහෙ ඉන්නව විනා අඟලක්වත් හැරෙන්න තියා හිතන්නවත් බෑ ..
ගෙවෙන්නේ කී වෙනි දවසද දවල් ද රෑ ද කියල කිසිම ලකුණක් හොයා ගන්න ඒ කරුවල කාමරේ හිර වුනු ඕසෝට පුලුවන් වුනෙ නෑ ...සමහර විට අසහිත් ඒ ගෙවපු අවුරුදු ගාන ඇතුලේ මේ තරම් ම අසරණ වෙන්නැති ...නිරුවත් ඇග දිගේ හැම අඟලකම වගේ ඉටි වැක්කිරිලා හම පිලිස්සුනු තැන් වගේම වීදුරු කටු වලින් තිබ්බ ලේ වැටි හිඟ උනේ නෑ ...
කස වලින් මුලු ඇග පුරාම තිබ්බ සලකුණු දවස ගානේ අලුත් උනා මිසක ඒ එකක් වත් මැකෙන්න ඉඩ තිබුන්නෑ ... ඕසෝ තමන්ගෙන් ම අහපු එකම ප්‍රශ්නය ඇයි තවමත් මං ජීවතුන් අතර කියන එක ..සිහිය එන මිලි තත්පරෙත් මොකෙක්ගෙ හරි මිනිහෙක් ගෙ ඇගට යට වෙලා ඉන්න කොට දැනෙන අපුල හැගීම් එක්ක ඕසෝ ආයෙමත් තදින් ඇස් පියා ගන්නෙ සිහිය නැති ව ඉන්නවා නම් හොදයි කියලා හිතලා....
මට්සු ඉදියේ මේ හෑම දසුනක්ම හොදට රසවින්දනය කරන ගමන්...නිකම් ම නෙවෙයි බීර , වයින් වීදුරු එක්ක....මේ කාමරයෙන් එලියට නොඇහුන කෑගිහිලි වල අයිතිකාරයෝ විදිහට ගැහැනු කටහඩක් එක්වීම මට්සු ගෙ පැත්තෙන් බලද්දි නම් මොනතරම් දෙයක් ද කියල සතුටක් ඒ නරුමයාට තිබුනෙ ...
සිහියත් අසිහියත් අතර ඉන්න ඕසෝ ගැස්සිලා ඈහරෙන්නේ ඒ ආයාචනාත්මක අසරණ ගැහැනු විලාපයට....හෙල්ලෙන්වෙත් බැරි වෙන්න ඇදේ හතර පැත්තට දම්වැලෙන් තහංචි දාලා ඕසෝව ඇදටම හිර කරල තියෙද්දි මෙච්චර කල් ඕසෝගේ ඇදවටේට පැයෙන් පැයට ගොඩ වුනු මිනිස්සු ඔක්කොම කාමරේ එහා පැත්තේ ඇදක් ලග රොක් වෙලා දගලන විදිහයි මට්සු ගෙ නරුම හිනාවයි ඕසෝට ගෙනාවේ තද බල අපුලක් . තදින් ඇස් පියාගෙන ඉන්න කියල සිතුවත් ක්ෂණයෙන් ඒක වෙනස් උනේ සීනෙන් වාගේ ඇහුනු හොදටම හුරු කටහඩ එක්ක ...
" උබලා මහ තිරිසන්නු....මොන එහෙකටද මගේ අයියට අරහෙම වද දුන්නේ ...උබලට ඕන මාව නම් ඇයි මගේ අසරණ අයියව ඇදල ගත්තේ...."
ඒක වියරු වැටුන කෑ ගැහිල්ලක්...ඕසෝ කලබල වෙලා ඇදෙන් නැගිටින්න ගත්තේ ඒ කටහඩ සචී සන් ගෙ වුනු නිසා....මට්සුගෙ හිනාව දෙගුණ තෙගුණ වෙලා මුලු කාමරය පුරාවටම නින්නාද උනේ මස භයානක විදිහට...
YOU ARE READING
අවාරයේ සකුරා (complete bl)
Ficción históricaඅවාරයේ සකුරා මල් ______________________♡♡ හොදම කාලය මගහැරී උන්මත්තකයකුව නිමක් නොපෙනෙ මහ මග පියමන් කරද්දි දුටිමි අවාරයේ පීපුන සකුරාවක්.... එතැන් පට ආත්ම පරිත්‍යාගයෙන් නුබට පෙම් කලෙමි .... - අසහි... බලාගෙන සචීසන්. ඔය නගරේ මිනිස්ස...