episode 30 .(last ep)

32 4 8
                                    

එය ඉතාලියේ එක් කෞතුකාගාර වීදීයක් මුලුමනින්ම මිනිසුන්ගෙන් පිරී ගිය සවස් යාමයකි .
මැන්වෙස්ටර් කෞතුකාගාරයට බොහෝමයක් දෙනා පැමිණෙන්නේ ඒ සුප්‍රකට සිතුවම හා එහි නිර්මාණකරුවා මුණ ගැසී සමරු අත්සනක් ලබා ගැනීමේ අභිලාෂයෙනි. විචාරකයන් ඉතා ඉහලින් අගය කල එම සිතුවම මුලු ලෝකය පුරා ජනප්‍රිය වූයේ ගිනි ගත් කත යන නමිනි ....

විචාරක මතයට අනුව එහි තාත්වික බවයෙන් කිසිඳු අඩුවක් නැත...හැඟීම් විවරණය අතින් රසවිඳින්නාගේ හදවතට සංවේදනය ගෙන ඒමට සමත් ඒ සිතුවම නිර්මාණ ලෝකයේ සුවිශේෂී ස්ථානයක තබා කතා කිරීම වටී ...
කෙලෙස නමුත් චිත්‍ර ශිල්පියාගේ අනෙකුත් සිතුවම් අතරින් ඔහු ඇඳ තිබෙන එකම කාන්තා සිතුවම එය පමණකි ..මානව රූප සිතුවම් කිරීමට හෙතෙම එතරම් ප්‍රිය නොකරන බව එක් ප්‍රේක්ෂක හමුවකදි ඔහු කල ප්‍රකාශය සියලු දෙනාගේ සිත් කම්පා කරන ලදි ....
කෙසෙ නමුත් ඔහුගේ අන් සිතුවම් ද ඉතා විශිෂ්ඨ වූවා අතර ජනප්‍රියතාවයෙන් වැඩිම සිතුවම වූයේ ගිනිගත් කත ය ...

කෞතුකාගාරයට ඔහු ප්‍රවිශ්ට වෙන විටම දහසකුත් කැමරා කාචයන් ඔහු දෙසට එල්ල වුනු අතර මෙතරම් වෙලා නිදහස් ව තිබුන ඔහුගේ අත තම ආදරයේ අතිනත ගෙන උත්සව ශාලාවට ප්‍රවේශ විය ...විශිෂ්ඨ චිත්‍ර ශිල්පියෙක් වූ අසහිගෙ දුලබ වූ එක් මානව සිතුවමක ඔහු හැඳ තිබෙන්නේ ඔහුගේ වෛද්‍ය සැමියාගේ දිදුලන  ඇස් බව එක් විචාරකයෙකු සිනහසෙමින් පැවසුවේය..
අසහි එය සිහින් සිනහවකින් හිස නවා පිලිගත් අතර ඕසෝගෙ ලැජ්ජාශීලී මුහුණ තරම් රතු පාටක් චෙරි ගෙඩියකවත් නැති බව පවසා නැවතත් විචාරකයා කියා සිටියේ ඔහු හොඳ වස්තු බීජයක් බවයි ...

කිසිවෙකුට මෙම  ආදරය ගැන විශේෂ බවක් නොදැනුනු අතර ඔවුන් වඩාත් ගැලපෙන සුසංයෝගයක් බව කාගෙත් මතය විය ...
අසහි හා ඕසෝ කෞතුකාගාරයේ ප්‍රදර්ශන ශාලාවක වූ සිතුවමෙ එක් පසක තිබූ තමන්ට නියමිත අසුන සිතුවම දෙස බැලීමට හැකි වන පරිදි හරවා වාඩි විය ..ඕසෝ ත් එයම අනුගමනය කරමින් ඔහුගේ අනෙක් පසින් වාඩි විය ...
තවමත් මේ සා විශිෂ්ඨ සම්මාන පිට සම්මාන ලැබූ මේ සිතුවම දෙස ඕසෝ බලා නැත ....
එහි වස්තු බීජය කොයිතරම් වේදනාකාරී ද යන්න අසහි මෙන් ම ඕසෝ ද දැනසිටි අතර සිතුවමට ලැබෙන බොහො සම්මාන පවා ගත්තේ ඔහු වෙනුවට ගිය ඔහුගේ නියෝජිත හොන්ශු මහතාය.

අවාරයේ සකුරා (complete bl)Where stories live. Discover now