07

48 8 1
                                    

"එතකොට වෙනුර අයියගෙ අම්මා..."

"වෙනුරගෙ අම්මා මෙ ලොකෙ නැ...වෙනුරට අවුරුදු දහයෙදි තමයි අම්මා නැති වුනෙ...එ කාලෙ වෙනුර ගොඩක් තනි වුන..පන්තියෙදි වුනත් වෙනුර කාත් එක්කවත් කතා කරෙ නැති තරම්...පස්සෙ තමයි වෙනුරයි මායි හොදම යාලුවො වුනෙ...වෙනුරගෙ තාත්තා හොද ලෝයර් කෙනෙක් අම්මා නැති වෙලා අවුරුදු දෙක තුනකට පස්සෙ වෙනුරලයි තාත්තා කුඩාඅම්මෙ ගේනාව...පස්සෙ එයාලට දුවෙක් හම්බුනම වෙනුරට ගොඩක් වෙනස්කම් උනා...වෙනුර හරි ආසයි චිත්‍ර අදින්න එත් ඔය කුඩඅම්ම වෙනුරගෙ පෙන්ටින්ස් ඔක්කොම පුච්චල දැම්ම කියල වෙනුර එ කාලෙ කිව්ව...වෙනුර කොච්චර හිනා වෙලා හිටියත් එ හිත ඇතුලෙ පත්තු වෙන තරම් දන්නෙ වෙනුර විතරයි..."රනෝද් කෙටියෙන් වෙනුර ගැන අයෝද්ට කියද්දි අයෝද්ගෙ කිසිම දෙයල් නොකිය එව අහන් හිටිය...අන්තිම වෙනකොට අයෝද්ගෙ පවා පපුව ඇතුලෙ ගිනි ගන්නව වගෙ හැගිමක් ඇති වෙලයි තිබුනෙ...

.......

කීප දවසක් ගෙවිල ගියා...වෙනුරට නම් මෙ දවස ටික ගෙවුනෙ පුදුම තරම් සතුටකින් මොකද ගෙවුන දවස් කීපයෙම අයෝද් කරෙ වෙනුරව සතුටින් තියපු එක...වෙනුර කැමති හැම දෙයක්ම හැම තැනකටම අයෝද් වෙනුරව එක්කෙනා ගියා...වෙනුර හිනා වෙන හැම වෙලාවකම වගෙ එ අහිංසක හිනාව දිහා අයෝද් හරි ආසාවෙන් බලන් හිටියා...

"අහස් අයියෙ..."

"ම්ම්..."

"මන් ඉස්කොලේ යනවා..."

"ම්ම්..පරිස්සමින් ගිහින් එන්න රත්තරන්...බුදුසරණයි..."

"ඔයත් පරිස්සමට...මාව ගන්න එනව නේද..."

"එන්නම්..."අයෝද්ගෙ නලලට වෙනුර හාදුවක් තියද්දි එ පිටම වෙනුරගෙ තොල් වලට හාදුවල් තියපු අයෝද් පිටවෙලා ගියා

ඔව් මෙ ඇත්ත...අයෝද් කියන්නෙ දැන් වෙනුරගෙ රත්තරන්..වෙනුරගෙ හැමදේම...මෙ දේවල් වුනෙ හරිම පුදුම විදිහකට...කවදාවත් වෙනුර නොහිතපු විදිහට...

දවස් 2කට පෙර...

අයෝද් වෙනුර දෙන්න හිටියෙ බිච් එකෙ පෙන ලස්සන හැන්දාවක් විදින ගමන්...මුහුදු රැලි වල සද්දෙත් සුලං සද්දෙත් ඇර වෙන කිසිම සද්දයක් එ පරිසරයෙ තිබුනෙ නැ...

වැහි බිංදු Where stories live. Discover now