03

22 4 0
                                    

"අනු පුතා.. කන්නෙ නැද්ද ළමයෝ.. කෑම සීතල වෙනවා පුතේ.."

නිලූ නැන්දා දොරට තට්ටු කරන සද්දෙට මාව ගැස්සුනා.. සින්දු අහ අහ හිටිය මම හිටියේ වෙනම ලෝකෙක කියලා මට එ වෙලේ තමයි හිතුනේ..

"මට කෑම එපා.. බඩගිනි නැ.."

එච්චරයි.. මම කියන දෙයකින් එහා දෙයක් කියන්න නැන්දා යන්නේ නැ..

Phone එක පැත්තකින් තියපු මම.. Bathroom එකට ගිහින් පැයක් විතර දියවෙලා යනකන් නෑවා.. Room එකට ඇවිත් short එකකට baggy T-shirt එකක්‌ දාගත්තු මම වෙලාව බැලුවා..

4.00 යි

  අල්මාරියේ ලාච්චුව ඇරපු මම අතට ගත්තෙ.. Injection එකක්.. ඔව් ඒක drug එකක්!!!

    මට doctor දුන්න drug එකක් ඒක.. රෑ වෙද්දි මගේ ඔලුව රිදෙන්න ගන්නවා.. එ වෙලාවට මට මැරෙන්න තරම් වේදනාවක් දැනෙනවා.. මට ඒක ඉවසගෙන ඉන්න හරි අමාරුයි.. අම්මා වත් හිටියා නම් මගේ ඔලුව අතගාලා මාව සනසන්න තිබුණා..

       තාත්තට හොරෙන් මම depression වලට බෙහෙත් ගත්තෙ දැනට මාස 5 කට කලින් වගේ.. Doctor උනත් මගේ තත්වේ තේරුම් අරගෙන හිටපු නිසා තාත්තව එක්කන් එන්න කියලා කිව්වේ නැ.. එ උනාට මේ ගමන ගැන මම පියල් මාමා ට කියලා තිබ්බ.. මොකද තාත්තා ට වඩා මට එ මනුස්සයා ළඟයි.. තාත්තා ට මම කිව්වා නම් මාව පිස්සන් කොටුවට ගිහින් දායි මගේ නම්බුව කන්නේ නැතුව හොඳ වෙලා වරෙන් කියල.. එයා කවදාද මාව තේරුම් ගත්තෙ...

        මාස 5 ක් තිස්සේ මම Injection එක ගන්නවා හැමදාම රෑ වෙන්න කලින්.. වේදනාව දැනුනා ට පස්සෙ injection එක අරගෙන වැඩක් නැ කියලා doctor මට කියලා තිබ්බා.. වෙලාව 4.20 යි. වෙලාව හරි මම ඉක්මණට injection එක අරගෙන inject කරගත්තා.. එහෙමම ඇදේ නිදාගත්ත මම ටික වෙලාවක් ඔලුව කැරකෙන නිසා එහෙමම හිටියා.. මාස 5 ක් තිස්සේ එකම දේ වෙන නිසා මට මෙක දැන් පුරුදු යි..

ටිං...

Phone එකට ආපු message එක මොකක්ද කියල බලන්න phone එක ගත්තා මම.. ඔව් එ ශාන්..

"ah haaaa අනුත්තර නේද මේ"

"ඔව්"

"බලන්නකෝ කොල්ලාගේ profile photo එකේ ලස්සන.. රිතික් පරාදයි"

සිතුවම් හදේWhere stories live. Discover now