"එයාගෙ ඇස් දෙකේ කඳුළු.. දුෂ්ට නළ දත් කොල්ලා ගෙ ඇස් දෙකේ කඳුළු.. ඒකත් මගේ අම්මා ගැන එයාම මගෙන් අහපු ප්‍රශ්නේ නිසා..එයා කොහොමද මගේ අම්මා නැති උනා කියල දන්නෙ.. ඒක මම තාම ශාන් ට වත් කිව්වේ නැ.. එහෙනම් කොහොමද මෙහෙම වෙන්නේ.. මට තේරෙන්නෙ නැ දෙවියනේ!!"
මගේ ඇස් දෙකේම ලාවට කදුළු පටලයක් බැඳුන හැටි එයා දකින්න ඇති.. ඉක්මනට කම්මුලෙන් අත ගත්ත එයා "sorry" කියලා room එකෙන් එලියට ගියේ මට නැති ප්‍රශ්නයක් ඔලුවට දාලා.. මේ තියෙන බෙහෙත් මදිවට තව බෙහෙත් හොයන්න වෙනවා මේ ප්‍රශ්න වලට..
Room එකෙන් එලියට ඇවිල්ල එයාව හොයපු මම පංතියට යන්න හැරුණේ එයා පේන්න හිටපු නැති නිසා.. Interval එක ඉවර වෙලා ගොඩක් වෙලා.. මිස් දැන් ඇවිල්ලා ඇති clz එකට.. මන් මිස්ට මොකක්ද කියන්නෙ කියල හිතන ගමන් clz එකට ආවා.. වෙලාවට මිස් නැ..
"කොහෙද අනුත්තර ගියේ?"
"කොහෙවත් නැ.. දන්න මල්ලී කෙනෙක් දැක්කා එයා එක්ක කතා කරන්න දිව්වේ"
"ah ඒක මිසක් මන් බැලුවා කොහෙද එක පාරට ගාල කඩාගෙන වගේ දිව්වේ ඇයි කියලා.."
ශාන් එක්ක කතා කර කර ඉන්නකොට සුවස් ආවේ පංතියට හිනා වීගෙන.. හිනා වෙනකොට එළියට පේන නළ දත් වලින් එයාට ගෙනාවේ අමුතු ලස්සනක්... ලස්සන බලන වෙලාවක් ද මෙක.. එයා කොහොමද මගෙ අම්මව දන්නේ.. සුවස් දැක්කම මට හැම වෙලේම ඔය ප්‍රශ්නේ මතක් වෙයි.. උත්තරේ ලැබෙන කන්..
කිසිම දෙයක් උනේ නැති ගාණට එයා ඇවිල්ලා පංතියේ ඉඳගෙන CR කොලයක මොනවද ලියන ගමන් හිටියා.. අඩු ගානේ මන් දිහා බැලුවේ වත් නැ.. එයාගෙන් ගිහින් අහනවද.. කේන්ති ගනී ද.. නැත්තම් කලින් වගේ හොඳින් කතා කරයි ද.. මගේ ඔලුවේ ප්‍රශ්න පත්‍රයක් වෙලා.. ඕන දෙයක් වෙන්න කියලා මම ගිහින් එහා පැත්තෙන් ඉඳ ගත්තා..
"අම්මව දන්නේ කොහොමද ඔයා"
එක පාරම ඇහුවේ සුවස් කියන්නේ වැඩි කතා වලට හරියන්නේ නැති මනුස්සයෙක් නිසා..
"........"
"කියන්නකෝ"
"අත්වැරදීමක් උනේ sorry.. මගෙන් මුකුත් අහන්න එපා.. ඒක අත්වැරැද්දක්.. එච්චරයි"
YOU ARE READING
සිතුවම් හදේ
Romance"හිතට දැනුනේ උඹව නම්, උබට ආදරේ කරලා මම වැරැද්දක් ද සුදු කරන්නේ" 2024/11/10