මොකක්ද එ උනේ???
මොනවද එයා මේ අම්මා ගැන කියන්නේ..කිසිම දෙයක් තේරෙන්නෙ නැ මට.. කෝ එයාගෙ අම්මා.. එයා ගැන කවුරුත් කතා කරේ නැත්තේ මොකද.. අම්මා මොකක්ද කරපු වැරැද්ද.. පිස්සු වගේ මට..
ගෙදර ආපු ගමන් ඇදුම් ගලවලා දාලා මම ඇදට පැන්නේ ප්රශ්න දාහක් විතර ඔලුවේ තියාගෙන.. සුවස් කවුද ඔයා.. ඔයා මොනව ගැන කිය කිය ද මගෙන් මේ පළිගන්න හදන්නේ..
කල්පනා කර කර ඉන්න ගමන් ම මට නින්ද ගිහින්.. උදේ alarm එකට නැගිට්ට මම ලෑස්ති වෙලා පල්ලෙහාට ගියේ සුවස් ගෙ අම්මා ගැන නැන්දා ගෙන් අහල දැනගන්නවා කියලා හිතාගෙන..
"අනු.. එන්න කන්න.."
"නැන්දේ..."
"ඔව් කියන්න.."
කවදාවත් මම නැන්දා එක්ක ලොකුවට කතා කරන්න යන්නේ නැති නිසා එයා පුදුම වෙලා වගේ මන් දිහා යාලුවේ..
"ඊයේ අපි dinner එකට ගිය mister බණ්ඩාර ගෙ wife නැද්ද.. එයා ආවේ නැත්තේ ඇයි?"
"එයාගෙ wife එයාව දාලා ගිහින් පුතේ.. දැන් අවුරුදු 4 ක් විතර වෙනවා.. පොඩි කොල්ලා එතකොට 9 වසරේ මම හිතන්නේ.."
"අහ්"
බෙදලා දුන්නා කෑම ටික ඉක්මනට කාපු මම පියල් uncle එක්ක ඉස්කෝලෙට ආවා..
" අනුත්තර.. අද rugger match එකක් තියෙනව.. බලන්න යමු ද? "
" කොහෙද? "
"වෙන කොහෙද ඉතින් ground එකේ.. මොකද මෙතන rugger ගහන්න බැ නේ "
" අනේ ෂෝක් විහිළුව.. "
" කට්ටිය ඔක්කොම වගේ යනවා කිව්වා බලන්න.. සුවස් ඉන්න නිසා කොහොමත් අපේ team එක දිනයි කියල කට්ටිය කියනවා.. ඔහොම හිටියට මිනිහා හෙන වැඩ්ඩා.. "
සුවස් play කරනවා මම මීට කලින් දැකලා තිබ්බේ නැ.. මටත් යන්න උවමනාව තිබ්බ නිසා ශාන් එක්ක යන්න මමත් කැමති උනා..
දවල් 12 ට විතර ground එක වටේම සෙනග.. අපේ ඉස්කෝලෙ ලමයි වගේම අනිත් team එකේ ලමයි වෙනම පැත්තක ඉන්නවා මම දැක්කා.. ඔව් එ මගේ කලින් ඉස්කෝලේ....
මට තවත් මෙතන ඉන්න ඕනේ නැ.. එයාල මාව දකී ද, මන් ගැන මේ ලමයින්ට කියයි ද ..නැ නැ මට තව මෙතන ඉන්න බැ.. මට ගිහින් කොහේ හරි හැන්ගෙන්න ඕනේ.. ඒත් කොහොමද ශාන් මගේ අතින් අල්ලගෙන ලමයි මැදින් ඉස්සරහට යන ගමන් හිටියේ..
YOU ARE READING
සිතුවම් හදේ
Romance"හිතට දැනුනේ උඹව නම්, උබට ආදරේ කරලා මම වැරැද්දක් ද සුදු කරන්නේ" 2024/11/10