මැරෙන්න හේතු දාහක් තියාගෙන පන පිටින් ඉන්න එකට තමයි ලු ජීවත් වෙනවා කියන්නේ.. ඒත් වේදනාව දරාගන්න බැරිම තැනක් ආවොත් මොකද කරන්නේ.. තවත් ජීවත් වෙන්න බැරි නම්.....
Gay වෙන එක මානසික ලෙඩක් ද..මට අවුරුදු 13 ඉඳන් වගේ මට තේරුණා මගේ sexual attraction එක ගොඩක් යොමු වෙන්නේ පිරිමි අය දිහාවට කියලා.. ඒක හංගගෙන ඉන්න මම ගොඩක් උත්සහ කරා.. ඒත් එක තැනක් අතපසු උන නිසා මම අදටත්, මේ මොහෝතේත් විදවනවා..එ කියන්නේ gay වෙන එක වැරද්දක් ද?
පරණ ඉස්කෝලෙ ඉඳන් මෙහෙට ආවේ එ වගේ කාලකන්නි ජිවිතයක් ආයි මට හම්බෙන්න එපා කියලා හිතාගෙන.. ඒත් මට එ කාලකන්නි ජීවිතෙන් බේරෙන්න වෙන්නේ නැ.. සුවස් මට කියලා මොනවා කරගන්න ඉන්නවද කියලා මට හිතාගන්න බැ.. එයා වැරදිලා හරි තාත්තට කිව්වොත්.. තාත්තා එයාගෙ නම්බුව බේරගන්න මාව මරන්න උනත් බැරි කමක් නැ.. ඊට වඩා හොඳයි ඊට කලින් මම ම මැරෙනවා..
ගෙදර ආපු ගමන් ඇදට පැනපු මම සිවිලිම දිහා බලාගෙන කල්පනා කරා.. ඇස් දෙකෙන් කඳුළු වැටෙන්න වැඩි වෙලාවක් ගියේ නැ.. මම බයට අඩනවා ද, නැත්තම් ඉස්කෝලෙ දි මොනවා වෙයිද කියලා හිතිලා අඩනවා ද කියලා මට හිතාගන්න බැ..
හෙට පෝය නිසා ඉස්කෝලෙ යන්න වෙන්නේ නැති එකට මම ගොඩක් සතුටු උනා.. මම ලඟින් ආශ්‍රය කරන්නේ ශාන් ව විතරයි.. මට එයාට මගේ රහස කියන්න හිතුනා.. ඒත් එයත් මාව අප්පිරියා කරොත්.. තියුණු වගේ මාව ලැජ්ජ කරොත්.. කමක් නෑ ඕන දෙයක් වෙන්න කියලා මම ශාන් ට හෙට හම්බෙන්න ඕනේ කියලා message එකක් දැම්මා.. හෙටින් පස්සේ වෙන ඕන දෙයකට මූණ දෙන්න මම හිත හදාගෙන හිටියේ...
වෙලාව හවස 3.00 යි.. මම ඉන්නේ Town එක ගාව තියෙන ice cream shop එකක.. ශාන් ට 3 ට එන්න කිව්වා මම මෙතනට ආවෙ 2.45 ට වගේ..
"අනුත්තර ට මොකද එක පාරට මට ice cream අරගෙන දෙන්න හිතුනේ"
"ඔයා ආවද?"
"පොඩ්ඩක් පරක්කු උනා.. අම්මා ගමනක් යන ගමන් මාව මෙතනින් දාගෙන ගියේ"
"ආ ඒකට මොකද මමත් දැන් ආවේ.. මොනවහරි order කරනවද?"
"මට chocolate ice cream එකක් ඕනෙ"
YOU ARE READING
සිතුවම් හදේ
Romance"හිතට දැනුනේ උඹව නම්, උබට ආදරේ කරලා මම වැරැද්දක් ද සුදු කරන්නේ" 2024/11/10