05 ♥️

93 15 5
                                    

මම නැගිටිද්දි හිටියේ කාමරයක් ඇතුලේ .ඒක හොස්පිටල් රූම් එකක් .ඇත්තට ම මට මතක නෑ මම කොච්චර දවසක් සිහිය නැතුව හිටිය ද කියලා.

ඒ රූම් එකේ මම නිදාගෙන ඉන්න ඇදයි , කබඩ් එකකුයි, තව මැෂින්ස් වගයකුයි , වොෂ් රූම් එකයි , පර වෙලා කොල හැලුන මල් බොකී එකකුයි විතරයි තිබ්බේ .

යකෝ මරු මිනිස්සු නේ අපේ ගෙදර ඉන්නේ .මාව බලන්නවත් එන්නේ නැද්ද මුන් .මුලු කාමරේ ම හිස් . එලියෙන් සද්දේකුත් නෑ.

මට මාර වතුර තිබහයි . සැක් වතුර ටිකක්වත් දෙන්න කෙනෙක් ලග පාත පේන්න නෑනේ.කෝ යකෝ ඩොකාලා.තොපි වර්ජනය කරනවද .

මම ඇදෙන් නැගිටින්න ට්‍රයි කරත් දවස් ගානකින් ඇවිදලා නැති නිසා ද කොහෙද ආයෙමත් ඇද උඩට ම කඩාගෙන වැටුනා.යසයි පුතේ තෝ දැන් මලින් උපන් සමනලී වගේ දණගාගෙනවත් පලයන් .නැත්තන් අද මට දිව ගිලිලා මැරෙන්නේ.

මගේ වෙඩි වැදුන තුවාලේ තඩි බැන්ඩේජ් එකකින් ඔතලා තිබ්බා.ඒක දකිද්දි ඇඩෙන්න එනවා සාන්ත. මම ඉතින් තුවාලේ පෑරෙන්නේ නැති වෙන්න හිමීට ඇදේ ඉද ගත්තා.ඇද ලග තිබ්බ වතුර බෝතලේ අඩියේ වගේ තිබ්බ වතුර ටික එක හුස්මට බිව්ව මම ඇදට වාරු වෙලා කොහොම හරි නැගිට්ටා.

එතකොට තමා දැක්කේ අතට ගහලා තියෙන කැනියුලා එක .අම්මේ අතත් හිරි වැටිලා මේක ගහගෙන ඉදලා ම .

මට දැන් නම් අම්මපා හොස්පිටල් එක ,දෙක වෙන්න කෑගහන්න හිතිලා තියෙන්නේ .ඇයි යකෝ කෝ මේකේ මිනිස්සු .වෙඩි වැදිලා මැරෙන්න ගිය එකෙක්ට සිහිය ආවාම වතුර ටිකක්වත් දෙන්න එන්නේ නැද්ද රෙද්ද . මම හෙන ගේමක් දිලා කැනියුලා එක ගලවලා වොෂ් රූම් එකට ගිහින් මූණ හෝදගත්තා.යකෝ මම ක්ෂය වෙලා.

අනේ සාන්ත අයියේ .ඔයාගේ බැතිමතාට මොකෝ මෙ වෙලා තියෙන්නේ.මම කෙට්ටු වෙලා නෙවේ ක්ෂය වෙලා.අවුරුදු ගානකින් කාලා නැති එකෙක් වගේ නිකන්.

කණ්ණාඩියේ ඉන්නේ මම ද කියලා හිතාගන්න බැරුව මම ඒක දිහා බලාගෙන හිටිය. කොහොම හරි රූම් එකට ඇවිත් දොර අරින්න ට්‍රයි එකක් දුන්නට එලියෙන් ලොක් කරලා හරි මොකක් හරි හිර කරලා හරි තියෙනවා කියලා තේරුම් ගන්න වැඩි වෙලාවක් මට ගියේ නෑ.

හදවත් ❤️Where stories live. Discover now