අපි එලියට යද්දි සෝමාලියාවට පාන් කෑල්ලක් දැම්මා වගේ අපේ සෙට් එකම එතන තියෙන කෑම ගිල ගිල හිටියේ .අනේ මන්දා ඉතින් මුන් නම් , මල පෙරේත හැත්ත. සොම්බි නෙවේ සොම්බි අල්ට්රා ප්රෝ මැක්ස් ආවත් කන එක නවත්තන්නේ නෑ .මෙන්න බොලේ එහෙම හිතලා කට ...හිතලා කට ගන්න බෑනේ නේ . හිතලා හිත ගන්නකොට ම මුන් කන එකත් නවත්තලා මෝහිනි , ගොරක යකයි ආවා වගේ අපි දෙන්නා දිහා බලන් හිටියා .එතකොට මමද මෝහිනි . නෑ නෑ බොසා තමයි මෝහිනී . අනේ ඕනේ එකක් මට මොකෝ .
එතකොට තමා මගේ මෝඩ මොල රාජයාට මීටර් වුනේ දෙන්නත් එක්ක අත් වැල් පටලවාගෙන නේද ආවෙ කියලා .මම පටස් ගාලා ලෙවින් අයියගේ අත අත්හැරියා .
" ම්ම්ම් , ඒ මොකද්ද ඒ වුනේ , ඈ එවෝනයෝ . උඹ අපේ අශ්වින්කාරයාව දවසින් දැල් දාගත්තා ද ආආ..."
ටිරාන් BBQ දදා හිටපු රොටියත් කටේ ගහගෙන කැම්රි හිනාවක් දාගෙන අහද්දි මට පොලොව පලාගෙන අහස දෙබෑකරගෙන යන්න හිතුනා . සැක් මම මොකටද ලෙවින් අයියව දැලේ දාගන්නේ . මුට පිස්සු .
"උඹට පිස්සුද ටිරාන් , මම මාලු බාන එකෙක් නෙවේ නේ ලෙවින් අයියව දැලේ දාගන්න . අයිය කන්න එන්නේ නැති නිසා එක්කගෙන ආවේ . තමුසෙට ට්රැක් "
ඒක කියද්දි නම් එතන හිටිය හැම එකාම අපි දෙන්නා දිහා බැලුවා . යශීට නම් කැස්සකුත් ගියා . යශ්මිතයි කෙනුලුයි නම් උන්ගේ ලෝකවල ඉදන් පෙම් කෙලිනවා . උන්ට වටේ පිටේ ගැන මේලෝ ගානක් නෑ . ආදරේ අන්ධ වීමේ ප්රයෝජන නැත්තෙමත් නෑනේද සාන්ත.
"අඩෝ ඒක බලපම්කෝ ටිරාන් , අපිට බොසාට අශ්වින් අයියා කියන්න මාස දෙකක් ගියා .මූ ආපු ගමන් ලෙවින් ඇයියා ගානවා .මේ මේ මේ... මට උඔලා ගැන සැකයි හොදේ . "
නිකේෂ් එහෙම කියද්දි එයාගේ කරටත් අතක් දාගෙන හිටිය ටිරානුත් ඔව් කියන්නා සේ ඔලුව වනලා ලෙවින් අයියයි , මමයි හිසේ සිට දෙපතුල දක්වාත් දෙපතුලේ සිට හිස දක්වාත් ස්කෑන් කරා .
" දැන් කටවල් වහගෙන කනව ද . ඕනේ කෙනෙක්ට මට නම කියලා කතා කරන්න පුලුවන් . දැන් මෙතන බොස් , සෙකට්රි මොකුත් නෑ. ඔක්කොම ඉන්නේ මිනිස්සු . ඕකේ "

YOU ARE READING
හදවත් ❤️ (ZOMBIE - BL)
Fanfiction♥️ ඇවිදින මලමිනි අතර හමු වූ ආදරණීය හදවත් ♥️ බිහිසුනු වෛරසයක් හමුවේ අපරාජිත වූ ආදරණීය හදවත් ... සිත් රිදුම්‚ හැර යාම වුවද සිනා සී දරා ගත් ශක්තිමත් හදවත් ... වාසනාවට එහා ගිය අධිෂ්ඨානශිලී හදවත් ... මිතුරුකම් හා ආදරය පිරී ගිය අහින්සක හදවත් ... පලිගැන...