"ආව් එවෝන් "
" ආහ්... මේ..මේ..ඔයා ද . ම..මම හිතුවේ වෙන මොකෙක් හරි කියලා . හේ..හේ... රිදුන ද "
උදේ පාන්දර බෙල්ල දිගේ සීතල මොකක් හරි ගෑවුනා ම බය වෙන්නේ නැද්ද යකෝ . මම සිරාවට හිතුවේ නයි පැටියෙක්වත් බෙල්ල දිගේ යනවා කියලා . මම ඉතින් නින්දෙන්ම කුම්ෆු පැන්ඩා පාරක් දුන්නා . බලන් ගියා ම හබියා කියහන්කෝ .
මාවත් තුරුල් කරන් නිදාගෙන හිටිය ලෙවින් අයියා ආතරේ වැඩිකමට නිදන් හිටිය රෝස මලට හාදු දෙන්න ගිහින් ගුටි කෑවා සහෝදරවරුනි . පව් යකෝ මගේ වැලමිට හබියාගේ නලල මැද ස්ථාන ගත වෙලා තියෙන්නේ . හිනත් යනවා කියහන්කෝ ඒ අස්සේ ...
කාම් ඩවුන් එවෝන්....කාම් ඩවුන් . හිනා වෙන්න හොද නෑ යකෝ , හබියා පව් ..
" රිදුනා තමා . හුම්... කිස් එකක් දෙන්න ආවම ඔහොමත් ගහන සිරිතක් තියනව ද එවෝන් "
ලෙවින් අයියා මූණත් ඇද කරගෙන නලලත් අත ගගා එහෙම කිව්වම මට බකස් ගාලා හිනා ගියා කියහන්කෝ . හරිම වේසයි ඈහ්...
හරි හරි ඉතින් මම දන්නවා හිනා වෙන්න හොද නෑ කියලා . ඒ වුනාට මුගේ ඇක්ෂන්වලට හිනා යනවා නේ සාන්ත .
මම හිනාව කාගෙන ම ලෙවින් අයියගේ නලල හිමීට අතගෑව ම එයා මගේ ඉණ වටේ අත් යවලා එයාගේ ලගට ගත්තා .
අද හොස්පිට්ල් එක මැද්දෙන් ඉර පායලා තියෙන්නේ . හබියා මටත් කලින් නැගිටලා සූද ගාලා නාලත් ඇවිල්ලා කියහන්කෝ . කොණ්ඩේ තාම තෙතයි .
" තාම රිදෙනවද . සොරි හොදේ "
" සොරි කිව්වට නම් මදි ඉතින් "
හම්මේ ඕකට තමා ඉතින් නටන්නේ මූ . කපටි කයිරාටික වෙට්ට පිත්තල පික්කු හාවා . ලෙවින් අයියා මගේ ඉණ වටේ තිබ්බ අත් දෙක තවත් හිර කරලා එහෙම කිව්වම මාත් මගේ ටිකිරි හිනාව දාලා නලලට පොඩි කිස් එකක් දුන්නා .
" දැන් හරි නේ "
" ම්ම්ම්... චුට්ටක් විතර "
මල කෝලම් බෝල සබන් . ඇක්ටින් නම් මෙන්න පුචේ ඇක්ටින් . ලෙවින් අයියව කැලෑ පත්තර ගහන්න නෙවේ යවන්න තිබ්බේ සගපාන්න . ආයේ ඉතින් ඔස්කාර් සම්මාන දෙක තුනක් ම ගහලා එන්න පුලුවන් එහෙනම් . කාටද යකෝ ආඩම්බර . මට නේ ....

KAMU SEDANG MEMBACA
හදවත් ❤️ (ZOMBIE - BL)
Fiksi Penggemar♥️ ඇවිදින මලමිනි අතර හමු වූ ආදරණීය හදවත් ♥️ බිහිසුනු වෛරසයක් හමුවේ අපරාජිත වූ ආදරණීය හදවත් ... සිත් රිදුම්‚ හැර යාම වුවද සිනා සී දරා ගත් ශක්තිමත් හදවත් ... වාසනාවට එහා ගිය අධිෂ්ඨානශිලී හදවත් ... මිතුරුකම් හා ආදරය පිරී ගිය අහින්සක හදවත් ... පලිගැන...