මම ලෙවින් අයියාගේ තොල්වලට පෙක් එකක් දීලා අයියව එතනම තියලා කන්දෙන් උඩට දිව්වේ මේ වෙලාවේ කරන්න පුලුවන් අන්තිම දේ ඒක නිසා..
මම වෙන මොනා කරන්නද ද යකෝ . එතනට වෙලා හිටියොත් දෙන්නට ම සුර සැප විදින්න වෙන්නේ . ලෙවින් අයියා මාව දාලා යන්න ගගා වැලලුනා කියලා මට පුලුවන් ඈ ඌව දාලා යන්න . මෝඩ හාවා .
ලෙවින් අයියගේ මොලේ නම් පිහිටලා තියෙන්නේ වැරදි තැනක . නැත්තන් අර වගේ හුම්තවල් කියයි ඈ ....
මම කන්ද දිගේ උඩට දුවගෙන ගියේ ඉස්සර වෙලා මගේ අතින් වැටුන පිස්ටල් ටික ගන්න . පිස්ටල් නැතුව මම උන් එක්ක අතින් පයින් ගහගන්න ඈ . උන් මාව එක කටකට කාලා දායි .
ලෙවින් අයියට මම ඒක කියලා ආවේ නැති හින්දා මූ හිතුව ද දන්නේ නෑ මම එයාව දාලා ගියා කියලා . පව් මගේ මෝඩ හා පැටියා . මම එහෙම කරයි ඈ .
වැටි වැටී කන්දේ උඩට දිව්ව මම අතට අහුවුන පිස්ටල් දෙක තුනක් අරගෙන ආයෙත් ලෙවින් අයියා හිටිය තැනට ගියා .
මම එතනට යද්දි අයියා හිටපු විදිහට පට්ට බය හිතුනා .එයා ඇත්තට ම ගොඩක් අමාරුවෙන් හිටියේ .මට කියන්නේ නැතුව හිටියට අයියගේ මූණෙන්ම ඒක පේනවා .
සොම්බීස්ලා හිටියේ අයියට ගොඩක් ලගින් . ඒත් අයියා හිටපු තැනින් හෙලවෙන්නේවත් නැතුව ඇස් දෙකත් පියාගෙන ගහට හේත්තු වෙලා ඔහේ හිටියා .
අයියේ උඔ එතකොට මට බොරු නේද කිව්වේ ..ඔයා කිව්ව මම ගිහාම ඔයත් මෙතනින් බේරිලා යන්නම් කියලා . ඒත් මේ කරන්නේ ඒකද . ඔයා දැන්ම තරගේ අතඇරිලා ඉවරයි ආහ් ...
ඔයාට අමාරුයි කියලා මම දන්නවා .ඒත් මේ වගේ බොරු කියලා ඔයා මොනවා ද බලාපොරොත්තු වෙන්නේ කියනවද .උඔ හිතනවද ද අයියේ ඔයාට මොකක් හරි වුනොත් මට නිදහසේ හුස්මක් ගන්නවත් පුලුවන් කියලා .
මට තරහයි යකෝ උඔ ගැන . ඒත් දැන් මේ වෙලාවේ උඔත් එකක් ඕවාට රණ්ඩු කරන්න බෑනේ .මම මෙතනින් බේරුන ගමන් තමුසෙට පෙන්නන්නම්කෝ හබියෝ මේ එවෝන් කොච්චර සැර ද කියලා .
"අ..අයියේ, ඔ..ඔයාට අමාරු ද අයියේ . ඒයි නැගිටින්නකෝ "
මම ලෙවින් අයියගේ ලග ඉදගෙන එයාගේ ඔලුව අතගාන ගමන් එහෙම කිව්වා . හිත ඇතුලෙන් කොච්චර බැන්නත් මෙයාගේ මූණ දැක්කම මට ඒ වචන උගුරෙන් එලියට ගන්න බැරි තරමට හිර වෙනවා . මම බැන්නට ආදලේ නේ ඉතින් ..
ANDA SEDANG MEMBACA
හදවත් ❤️ (ZOMBIE - BL)
Fiksyen Peminat♥️ ඇවිදින මලමිනි අතර හමු වූ ආදරණීය හදවත් ♥️ බිහිසුනු වෛරසයක් හමුවේ අපරාජිත වූ ආදරණීය හදවත් ... සිත් රිදුම්‚ හැර යාම වුවද සිනා සී දරා ගත් ශක්තිමත් හදවත් ... වාසනාවට එහා ගිය අධිෂ්ඨානශිලී හදවත් ... මිතුරුකම් හා ආදරය පිරී ගිය අහින්සක හදවත් ... පලිගැන...
