"මොකද්ද වුනේ "
ටිරානුයි මමයි ගැස්සිලා ගියේ ලෙවින් අයියගේ කටහඩට .මම පිටිපස්ස හැරිලා බලද්දි මූ අත් දෙකක් බැදගෙන හෙන ඩෙවිල් මූඩ් එකකින් මම දිහා බලන් ඉන්නවා .
අපොයි දැන් නම් මට විශාල පරිමාණයේ බාල්දියක් වැටෙන්නයි යන්නේ .මම කෑගහපු සද්දේ ඇහිලා ලෙවින් අයියා මොන ලෝකෙන්දෝ ඇවිල්ලා . එන විදිහට නම් දිව්‍ය ලෝකෙන් වෙන්න බෑ .
" මම ඇහුවේ මොකද්ද වුනේ කියලා "
ලෙවින් අයියා කිසිම හැගීමක් නැති මූණකින් මමයි , මගේ ලේ ගලන අතයි දිහා බලන් හිටියා .
" අනේ බං මේ ..මම අතින් වැරදිලා මුගේ අ..අතට මිටියෙන් වැදුනා "
මේ මොකත මේ , මට වඩා ටිරාන් බය වෙලා කියහන්කො . මේකා ගොත ගහනවා . මට ඌ ගොත ගගහා කියන විදිහට කටින් හිනාව පනින්න ගියත් බොසාගේ මූණ දැක්කට පස්සේ ඒ හිනාව මහ බඩවැල දිගේ උණ්ඩුකපුච්චෙට ම යවා ගත්තා .
"මෙහෙ එනවා "
අඩියට දෙකට අපි ගාවට ආපු ලෙවින් අයියා මගේ තුවාල නැති අතින් ඇදගෙන ටෙන්ට් එකට ගියා . මම දැක්කා ටිරාන් ගෝඩ් බ්ලෙස් යූ කියලා තොල් මතුරනවා . මම උටත් යූ ටූ කියලා මැතිරිවා .
ලෙවින් අයියා එයාගේ ටෙන්ට් එක ඇතුලට මාවත් ඇදන් ගිහින් මෙට්ට උඩට තල්ලු කරා කියහන්කෝ . මම මුට නඩු දානවා ගෘහස්ථ හිංසනය කරා කියලා . මේකත් පොඩි පහේ ගෘහයක් නේද සාන්තගේ නැන්දම්මේ .
" ආව් අප්පා . කොන්දත් මොකද්දෝ උනා . මොනවද බං අයියේ . ඇගිල්ල මදිවට කොන්දටත් පත්තු බදින්න වෙයි මෙහෙම ගියොත් . "
මම බොරුවටත් එක්ක ලෙවින් අයියට රවලා කියද්දි ඌ ඊටත් වඩා භයානක රැවිල්ලක් දාලා ටෙන්ට් එක පෙරලගෙන මොනවදෝ හොයන්න ගත්තා .
යකෝ මූ හොදට තිබ්බ ටෙන්ට් එකම වනසනව නේ . මොනවද මෙච්චර හොයන්නේ . මූ මට වෙඩි තියන්න T56ක් වත් හොයනව ද . අනේ සාන්ත මාව බේරගනින් යකෝ .
" ඕඕඕඕහ්...ෂිට් . මේ මගුල මම කොහෙද තිබ්බේ . "
අද නම් මම ඉවරයි වගේ . මූ ෂුවර් එකට මේ පිස්ටල් එක තමා හොයන්නේ . ඒත් මම මොකක්ද කරේ . අර උට්ටානියස් නේ මගේ අතට කෙලියේ . හැබැයි ඉතින් ලෙවින් අයියා ඉස්සර වෙලා එන්න කියලා කතා කරද්දි මම ආවේ නෑනේ . ඒකට තියන තරහට මාව මරයි ද සාන්ත .
YOU ARE READING
හදවත් ❤️ (ZOMBIE - BL)
Fanfiction♥️ ඇවිදින මලමිනි අතර හමු වූ ආදරණීය හදවත් ♥️ බිහිසුනු වෛරසයක් හමුවේ අපරාජිත වූ ආදරණීය හදවත් ... සිත් රිදුම්‚ හැර යාම වුවද සිනා සී දරා ගත් ශක්තිමත් හදවත් ... වාසනාවට එහා ගිය අධිෂ්ඨානශිලී හදවත් ... මිතුරුකම් හා ආදරය පිරී ගිය අහින්සක හදවත් ... පලිගැන...
