4 පරිච්ඡේදය

223 22 18
                                    

‍ඇත්තම තානය තුර්ශට වඩා උසයි. ඒත් එයා තාන්‍ය තරම්ම සුදු නෑ . ටිකක් ජේ ශෝන් වගේ. තානයට චොක්ලට් පාට ඇස් දෙන්න හේතුවක් තියනවා. ඒක තමයි ඇත්තම තානය තුර්ශට බාගෙට කාපු චොක්ලට් එවනවා. 😂 ඒ නිසයි තාන්‍යට චොක්ලට් ඇස් හම්බුනේ.

ඔයාලට මතක ඇති "His tin" විහිලුව්. ඒක ඇත්තටම මාක් කරන්න හම්බුන පේපර් එක්ක student කෙනෙක් ලියලා තිබුනු එකක්.

චූටි මාමගේ වෙඩින් එකට ආවම, ඇත්තටම චූටී මාමට නොවුනත් වෙන අක්ක කෙනෙක්ගේ වෙඩින් එකට තුර්ශ ක්ලෝගාඩ් එකක් දුන්නා මනමාලයට. මොකද අක්කට තේ එකක්වත් හදාගන්න බෑ. තව අර කැරපොත්තා දාපු පෙට්ටියත් දුන්නා. තුර්ශගේ සෙන්ස් ඔෆ් හියුමර් මල් හතයි හොඳේ!

"කොටු කොලෙයි පෑනයි අරන් ඇඩ් වෙන්න" කියපු එක ඇත්තම තානයගේ වචන. 😂 එයත් හරි විහිලු කාරයා.

දැන් අපි එනවා සවේන් ගාවට. සවේන් ඇත්තටම එක පුද්ගලයෙක් නෙමෙයි. තුර්ශ ඉස්කෝලේ කාලේ උදව් කරපු හැම යාලුවෙක්ම සවේන් represent කරනවා. බුලී වෙන යාලුවන්ව අත් නොහැරපු කෙනෙක් තමයි තුර්ශ. පන්තියම කොන් කරපු යාලුවෝ එක්ක කතා බහ කරාට තුර්ශත් බුලී වුනා අන්තිමට. ඒත් තුර්ශ හැමදාම යාලුවෝ වෙනුවෙන් හිටියා. හැබැයි තුර්ශට දැන් ඒ යාලුවන්ගෙන් ඉතිරි දේශානුයි, හශිරයි, විහඟයි විතරයි. ඇත්තම සවේන් ලා තුර්ශව අත ඇරියා.

තුර්ශ තානය්ට ආදරේ ප්‍රකාශ කරාට පස්සේ තාන්‍ය ඒ විදිහටම තුර්ශට ආදරෙයි කිව්වේ නෑ. ඒකයි කතාවෙදිත්  කල් යනකන්ම තානය තුර්ශට ආදරෙයි කියන්නේ නෑ. තුර්ශ මුල ඉඳන්ම තානයට ආදරෙයි කියනවා. 

අයුශ් ගැන කතා කරොත්, අයුශ් කියන්නේ තුර්ශගේ තව personality එකක්. තානය තුර්ශගෙන් වෙන් වුනාට පස්සේ තුර්ශගේ 'අයුශ්' personality එක එලියට ආවා. ඉතින් ඒ විදිහම ආතතියකින් තුර්ශත් හිටියා. අයුශ් කරගන්න ගිය දේවලුත් වගේම... ඒත් අන්තිමේ තුර්ශ අයුශ්ව මරලම දැන්මා. දැන් වාසනාවකට තුර්ශ තුල අයුශ් කෙනෙක් නෑ.

දැන් අර පලතුරු හොරකම් කරපු සිද්දිය, 😂 ඇත්තටම වෙච්ච දෙයක්. අපි හැබැයි බලන්න ගියේ මගුල් පරස්ථාව. හැබැයි අපි සල්ලි නම් දුන්නේ නෑ ආයේ මුදලාලිට. සොරි මුදලාලි අංකල්!

ඇත්තම තුරශ, කවි කාරයෙක්, සාහිත්‍ය කාරයෙක්, චිත්‍ර, නැටුම්, ගායනය සේරටම එක වගේ දක්ශ එකෙක්.

පහල තියන උපුටා ගැනීම් 💯 සත්‍යයි

"ඉතින් කොල්ලෝ අපි සිතුල් පව්වේ යනකොට මාත් ඔන්න අපේ ලොකු බාබාගේ වයස ඇති. නිලංග නම් ඕන් ඔය අපේ සයුල් ට වඩා ටිකක් ලොකුයි හරිද නාදි නංගි! ඒ කාලේ ඝන කැලෑව. අලි, වල් ඌරෝ, මීමෝ, එක එක සත්තු ඔය කැලේ. වතුරත් නෑ, ලයිටුත් නෑ. ඒ කාලේ මිනිස්සු නවතින්නේ කැලේ තියන විශ්‍රාම සාලාවල් වල. ඒවගේ කොට තාප්ප වලින් තමයි වට කරලා තියෙන්නේ. මේන් මෙහෙම විසාලෙට හෝල් එක. ඔක්කොම බුදියන්නේ ඕනේ"

"ඉතින් අපේ තාත්තා ඒ කියන්නේ ඔය අපේ ලොකු බබාලගේ සීයා හොඳටම බීලා. මිනිහට ඉතින් රෑට චුට්ටක් ඕනමනේ. නැද්ද අම්මේ?" එහෙම කියලා ආච්චි දිහා බැලුවම ආච්චි රවලා අහක බලා ගත්තා. තාන්‍ය අයියා හිනා වෙනකොට මට ඇඟට පැනලා කන්නමයි හිතෙන්නේ අර කට!

"ඉතින් රෑට වල් ඌරෝ ඒවිද, ඒවිද ගගා බයේ අපේ නඩේ නැන්දලා එහෙම වෙව්ල වෙව්ල හිටියේ. බස් එකක්ම ගියානේ පුතේ. එහෙම තමයි අපි ඒ කාලේ පරන බොක්ස් මූන බස් වල යන්නේ. ඉතින් නැන්දලා ඔක්කොම අපේ තාත්තට නිදාගන්න දෙන්නේ නෑ. අනේ ලොක්කයියේ වල් ඌරෝ එයිද, වල් අලි එයිද කිය තාත්තව ඇහැරනවා. ඉතින් අපේ මාමලා අර උන්දැලව තව භය කරනවා නහයෙන් ග්‍රෝක් ග්‍රෝක් ගාලා සද්ද දාලා. අන්තිමට අපේ තාත්‍තට මල පැනලා ඔලුවේ ඉඳන් පෙරවන් හිටපු සරමට හතර පාරක් විතර ඩෝං ඩෝං ගාලා පැඩලා සුදු මහත්තයෝ මේන් මේක හතරට පලලා හතර කොනේ එල්ලපන් එතකොට වල් ඌරෝ තියා එක දිමියෙක් මේ හතර මායිමට එන්නේ නෑ කියලා සරම මට විසික් කරා. "

සුමිහිරි පානේ පදමට ගහලා හෙට මැරුනත් හිතට සැපයි අද ජොලි කරලා...
නොකා නොබී ලෝබකමට
වස්තු සොයන්නේ
මැරුනු දාට කොෆින් එකේ
අපි නිදියන්නේ
නොකා නොබී ලෝබකමට
වස්තු සොයන්නේ
මැරුනු දාට කොෆින් එකේ
අපි නිදියන්නේ
හොඳට ජොලි කරපං....

මයුරවංශ චිරාත්ගත සම්ප්‍රධායනුකූල වටේ නැටිල්ලට.

මේක කරන්නේ මෙන්න මෙහෙමයි, සෑම මයුරවංශ කෙනෙක්ම ලොකු රවුමක් හැදිලා සුදු මාමා නටන ස්ටෙප් එකම රවුමට නටන්න ඕනා. ඒකේ තියෙන්නේ මහ විලම්බීතම ස්ටෙප්ස්. කොක්කු පෙන්නනවා, නයි නටෝනවා, පුපට පුපවල් හප්පනවා, කුරුල්ලෝ වගේ අත් තටු ගහනවා, සමනලයෝ වගේ රොන් සොයනවා, හාවෝ වගේ පනිනනව, මාලු වගේ පීනනවා, ගස් මාරු කරනවා. හැබැයි මේ ඔක්කොම නටන්නේ රවුමට.



මතු සම්බන්ධයි......

The Windchime Author's NotesWhere stories live. Discover now