6 පරිච්ඡේදය

2.6K 232 151
                                    

තානය් ඇයි තුර්ශ දාලා ගියේ?

තාන්‍ය තුර්ශ දාලා ගියේ නෑ. තුර්ශ තානය දාලා ගියෙත් නෑ
මේකයි වුනේ....
අවුරුදු දෙකක් විතර කතා බහ කරලත්, පැහැදිලිවම ආදරේ කරලත් තානය තුර්ශට 'ආදරෙයි' කියන්නේ නෑ. අන්තිමට බලන් ඉන්නම බැරි කමට තුර්ශම ඒක තානයට කියනවා.

ඒත් තානයට එහෙම කියන්න ඕන වුනේ නෑ. 🥹
ඇයි කියලා එයා කිව්වෙත් නෑ

සරලව තුර්ශ එතකොට වයසින් පොඩී. කතාවේ තුර්ශ වගේම කලබලයි. ඉක්මනින් තරහා යනවා. ඉක්මනින් නිවෙනවා. ඉතින් තුර්ශට මල පැන්නා.

ඊටපස්සේ උන දේ හරිම නරකයි පිංවත් රීඩකයනී.... තුර්ශ තානයගෙන් පලිගන්න පටන් ගත්‍තා. (ඔයාලා මේ වැඩේ කවදාවත් කරන්න එපා) ඒකයි මන් ඔයාලට කියන්නේ තානය ගැන තරහක් හිතන්න එපා කියලා.

තුර්ශ මුලුමුනින් සුදු චරිතයක් නෙමෙයි. මේ ලෝකේ කවුරුත් සුදු නෑ. අඩු වැඩි වශයෙන් සුදු කලු චරිත අපේ ජීවිත හැම එකේම තියනවා.

තානය තුර්ශගෙන් ඈත් වුනා නෙමේ තුර්ශ එයාව ඈත් කරා. තානය ලං වෙන්න උත්සහ කරෙත් නෑ.

එතන දෙන්නට දෙන්න ලොකු වැරැද්දක් කරගත්තා

'හැම ආදර කතාවක්ම එහෙමයි. රෝස මල් යහනාවක් නෙමෙයි. කැපකිරීම් මහ ගොඩක් කරන්න ඕන, ඉවසන්න බැරිම තැනත් ඉවසිය යුතු තැනක් තමයි ආදරේ කියන්නේ."

මේ වචන නිකං ලියපුවා නෙමේ. ඔයාලට දෙයක් උගන්වන්නයි ලිව්වේ. කවදාවත් තුර්ශ, තානය කරපු දේ ඔයාලා කරන්න එපා.

කෙනෙක්ට ආදරෙයි නම් ඒක කියන්න.
කෙනෙක්ට ආදරෙයි නම් ඉවසන්න.

කවදාවත් තුර්ශට තානයගෙන් මිදෙන්න බැරි වුනා. දාලා ගියත් ආයේ ආයේ තුර්ශ තානයට කෝල් කරා. වින්ඩ්චයිම් එක වැදෙනකොට අනිවාර්‍යෙන් තාන්‍ය තුර්ශට කෝල් කරා. ආදරේ නොකෙරුවත් එයාලා හොඳම යාලුවෝ. ඒ දෙන්න ආතර කිසිම රහසක් තිබ්බේ නැති තරම් හොඳ යාලුවෝ.

The Windchime Author's NotesWhere stories live. Discover now