පළවෙනි පෙම් තාලම

47 7 6
                                    

                          "මං ඔයාව මීට කලින් කොහෙ හරි දැකලා තියෙනවද?"

                          "නැ...නැහැ...මි...ස්ටර්..."

                         අකුරු එකිනෙක එකතු කර වටපිට බලමින් මා පැවසුවේ ඔහුගේ දෙනෙත් තව තවත් මා වෙතම ඇලී තිබියදී ය.කේන්තියෙන් රත් පැහැ වී තිබූ මාගේ වත ඔහුට අභියෝග කරමින් උසාවිය අසල වූ තේ කඩය තුළ කෑ මොර දුන් හැටි මට මතකය.ඔහුට ද එය අමතක නැති වුවද මාගේ හැඩ රුව මතකයේ තබා ගැනීමට තරම් විශේෂත්වයක් නොමැති බව නිසැකය.වැරදි වැටහීමක් හේතුවෙන් මහළු මවකට උපකාර කිරීමේ
බලාපොරොත්තුව ඇතිව ඔහුගේම පුතු වූ නීතිඥවරයෙකු සමඟ බහින් බස් වීමක් ඇති කරගත්තේ සොයා බැලීමකින් තොරවමය.එයින් ලැජ්ජාවට පත්වීමට සිදු වූයේ ද මා හටමය.ගැටලුව ඇති වී තිබුණේ ද මව සහ පුතු අතර බව නොදැන මහළු මව වෙනුවෙන් ඉදිරිපත් වූ මොහොතේ,

                        "දරුවෝ මේක මගෙයි පුතාගෙයි ප්‍රශ්නයක්.ඔය දරුවට පින් මං වෙනුවෙන් කතා කරාට."

                        එ මවගේ මුවින් පිටවූ එවදන් තව තවත් සවන් තුළ රැව් දෙන සෑම මොහොතකම දැනෙන්නේ මේ ලෝකයෙන් නොපෙනී යාමට තරම් ලැජ්ජාවකි.සැබවින්ම නෙතුලි විජේවර්ධන යනු අදාලම නැති ප්‍රශ්නවලට මුහුණ දී ලැජ්ජාවට පත් වන ජීවියකි.

                        මවගේ සහ පියාගේ දික්කසාද නඩුවට පැමිණ මා සිටියේ හෙම්බත්වය.මේ තරුණ නීතිඥ මහතාගේ පැමිණීම මා තව තවත් මහන්සිකොට තිබුණේ ය.උසාවිය අසල වූ තේ කඩයට ගොඩ වී සිසිල් බීමක රස බලමින් සිටියදී ඔහු පැමිණ මාගේ සිසිල් ලෝකය බිඳ දැම්මේ ය.

                        "අනේ...ඉතින් සර්ට මතක නැද්ද සර්ගේ අම්මයි සර් යි රණ්ඩුවක ඉද්දි මේ කෙල්ලනේ බේරන්න හැදුවේ."

                         කොහේදෝ සිට කඩන් පාත්වූ වේටර් කොලු ගැටයා පැන උත්තර දුන්නේ මා හට බීම උගුරක් ඉස්මොල්ලේ යන විටය.ඔහුට එය තවමත් හොඳ හැටි මතකය.

                             "ඇත්තමයි මේ මිනිස්සුනම්...හැමතිස්සෙම තව කෙනෙක්ට හිනා වෙන්නමයි බලන් ඉන්නේ.මං හිතුවේ ඉතින් ඔය මිස්ටර් ලෝයර් ඒ අම්මට සැර වෙනවා කියලා.
ඒකයි ඉතින් ඒ විදිහට හැසිරුනේ.
නැත්තන් ඉතින් මටත් මොකෝ මං පවුල් ප්‍රශ්න වලට මැදිහත් වෙනවවැයි."

පෙම් තාලම් || PEM THALAMWhere stories live. Discover now