තුන්වෙනි පෙම් තාලම

26 7 11
                                    

                            "නෙතුලි සිතුල් ඇවිල්ල.
ඉක්මනට පහළට එන්න."

                            මව පහත මාලයේ සිට සිතුල් අයියා පැමිණි වග දැන් වූයේ මා සූදානම් වී අවසන් වනවාත් සමඟය.සියුමි අක්කාව හැඩ ගැන්වීමට අවශ්‍ය සියලු ආම්පන්නද ගෙන මම පහත මාලයට පැමිණියෙමි.

                             "නෙතුලි තවත් ලස්සන වෙලාද මන්දා.නේද නැන්දේ?"

                             "අපේ මස්සිනාලම ඉන්න ඕනා ඉතින් අපිව අගය කරන්න.මොනා වුණත් ඔයා විතරයි අයියේ මගේ ලස්සන දැක්කේ.බොහොම තෑන්ක්ස් හොඳේ."

                               "හරි හරි චැටර් බොක්ස් එක එහෙනම් යමු නේ ."

                                මවට සමු දී අපි  කුලියාපිටිය බලා පිටත් වුණෙමු.සිතුල් අයියා යනු මෘදුකාංග ඉංජිනේරුවෙකි.
නැන්දාට සහ අක්කාට වඩා සෑම අතින්ම ගුණ යහපත් ය.ලොකු මාමාගේ මරණෙන් පසු පියෙකුගේ වගකීම ගනිමින් ඔහු මව සහ සහෝදරී රැක බලාගත්තේ ය.අප දෙදෙනා එක් වූ තැන නිහඬ බවක් ඇත්තේම නැත.නිවසට යනතුරුම අපට කතා කරන්නට ඕනෑතරම් මාතෘකා විය.ඔවුන්ගේ නිවසට පා තැබූ මොහොතේ සිට මට නිවනක් නොතිබුණි.
උදෑසන සිටම ලොකු නැන්දාහට ආහාර පිසීමට උදව් පදව් කොට සියුමි අක්කා පැමිණි පසු ඈ හැඩගැන්වීම වෙනුවෙන්  කාර්‍යබහුල විය.සැබෑවනම් ඇයට කිසිවක් අවශ්‍ය නැත.හැඩ රුව අතින් අපට ඉදිරියෙන් ම සිටි ඇයට තොල්
ආලේපනයක් හෝ අවශ්‍ය නැත.ඇය එතරම් සුන්දරය.

                               "අපි මේ කාටවත්ම කිව්වේ නෑ සියුමිව බලන්න මනමාලයෙක් එනවා කියලා.ඕවා කියපුවහම අපේම උන්ගේ ඇස්වල කටු අනිනවා වගේ නෙතුලියෝ."

                                මා ලවා සියලු වැඩ කරගැනීමට අවැසි වූයෙන්ද අප හට දැන් වූයේ යැයි ඇසීමට මට උවමනා වුවද සිනහවකින් නිහඬ වුණේ ය.ඔවුන් හා කතා කිරීම සැබැවින්ම නිශ්ඵල ක්‍රියාවකි.

                                දහවල් ආහාරය වෙනුවෙන් මනමාලයාගේ පාර්ශවයෙන් පැමිණියේ දහවල් දෙකද පසු වීය.එය ද ඔහුගේ පවුලේ උදවිය පමණක් පැමිණ ඇති වග දැනගත්තේ සිතුල් අයියා අප සමඟ ඔහුට දොස් පවරන්නට වූ නිසාය.සියුමි අක්කාව කැටුව නැන්දා විසිත්තකාමරයට පිට වී ගියා ය.මෝටර් රථය තුළ දුරකතනය අමතක වී පැමිණිය හෙයින් සිතුල් අයියාගෙන් මෝටර් රථයේ යතුරද ගෙන මම ගරාජය තුළට පැමිණියෙමි.ඒ මොහොතේම නිවස අසලට පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයෙන් බැස මා දෙසට පැමිණෙමින් සිටියේ මා කිසි ලෙසකින්වත් බලාපොරොත්තු නොවූ
ඔහුය.එයනම් පුදුමෙකින් පුදුමයකි.
නොදැනුවත්වම මාගේ මුවද විවෘත වන්නට ඇත්තේ ඒ නිසාමය.

පෙම් තාලම් || PEM THALAMWhere stories live. Discover now