"නෙතුවෝ...
ඊයේ රෑ මිස්ටර් ලෝයර්ට මැසේජ් එකක් දැම්මේ නෑ කියල ද ඔය කියන්නේ.""හ්ම්ම්...මං උබට කෝල් ගත්තේ ඉතින් ඒක අහන්න තමා.
කොහෙද ඉතින් නිදිනේ.""ආ බං ඒ කීයටද රෑ දොලහත් පහුවෙලා ද කොහෙද.ඒ වෙලාවට ගෙදර ගියා කියන්න උබට ඇත්තටම පිස්සු ද?"
පසු දින වැඩට ගිය පසු ඒ ගැන සයුරිට පැවසූ පසු මට ලැබුණේ ඇගෙන් ඇනුම් බැනුම් පද පමණි.ඒ දවසේ වැඩ කටයුතු අවසන් වෙන තුරුම ක්රියාශීලි බවකින් වැඩ කළ ද සිත තුළ වූයේ නොසන්සුන් බවකි.සයුරිට ද එය වැටහී කිහිප සැරයක්ම ඒ පිළිබඳ විමසුව ද මට කියන්නට දෙයක් තිබුණේ නැත.පියා ඇමතුමක් ගෙන මා නිවසට ඇරලවන්නට එන බව පැවසුව ද මම එය ආදරයෙන් ප්රතික්ෂේප කළෙමි.මම,හලාවත බලා ගමන් ගන්නා බස් රථයකට නැග මාරවිල නගරයෙන් බැස ගතිමි.ඉන් අනතුරුව නිවසට යාම සඳහා නාත්තන්ඩිය බලා ගමන් ගන්නට නියමිත බස් රථයකට නැග ගත්තේ තරමක තෙහෙට්ටුවකින් ය.මින් පෙර කිසිදු දිනක නොදැනුණා වූ මහන්සියක් මා පෙලන්නට විය.උසාවිය අසල බස් රථය නවතා තිබූ මොහොතේ මා ඒ දෙසම බලාගෙන සිටින්නට වූයේ වෙනත් ලොවක අතරමං වීගෙනය.
නිවසට යන විට මවගේ මෝටර් රථය ගරාජයේ නොමැති වීම කියා පෑවේ ඇය තවමත් නිවසට පැමිණ නැති බවය.මල්ලී,සාලයේ සෝෆාව මත වැතිරී පොතකින් මුහුණ වසාගෙන සිටි හෙයින් මා පැමිණි බවක් හෝ දුටුවේ නැත.මුහුණට සිනවක් නගාගත් මම ඔහුගේ මුහුණ වසා තිබූ පොත ඉවතට ගත්තේ ඔහු ඇවිස්සීමේ උවමනාව ඇතිවය.නමුදු මල්ලී සිටියේ මා කිසි ලෙසකින්වත් නොසිතූ අයුරිනි.
ඔහුගේ කඳුළුවලින් පොතේ පිටු පෙගී තිබුණි."ඒයී...මල්ලී මොකද මේ ආ...ඇයි මේ අඬලා."
මා දැක සෝෆාව මත වාඩි වුණ ඔහු මොකුත් නැතැයි යන්න හිස සැලුවේ ය.
"මොකුත් නැත්තේ නෑ.
කියන්න මොකද වුණේ කියලා."

YOU ARE READING
පෙම් තාලම් || PEM THALAM
Romance"කොල්ලාගේ ඇස් තිබ්බෙම උබ ළඟ!" "සියුමි අක්කා වගේ ලස්සන කෙල්ලෙක්ව රිජෙක්ට් කරපු කොල්ලෙක් මං වගේ කෙල්ලෙක්ට කැමති වෙයිද බං.පිස්සු කියවන්න එපා." "හරි මට මේක කියපන්කෝ.උබේ හිතේ සිනෙත්ට කැමැත්තක් නැතුව නෙමේනේ." සයුරිගෙන් සැඟවීමට තරම් දේවල් මා සතු නොවුණි.මම...