පස්වෙනි පෙම් තාලම

8 2 8
                                    


                                       "හේයි ඔයා හොඳින් ද?"

                                       "මෙච්චර විපතක් වෙලා තියෙද්දි පේනවද මේ ළමයා හොඳින් කියලා."

                                        සයුරි පැමිණ සිනෙත් ට බැන වදින්නට වූයේ මා හතර අතටම කරකවමින් තුවාල වී ඇද්දැයි බලමින් ය.

                                         "සයුරියෝ මං හොඳින්."

                                         "මචං උදව්වක් කරන්න ආවහමත් පේනවනේ මේ ගර්ල්ස්ලගේ සැර."

                                          "මං දන්න ගර්ල් කෙනෙක් බන්."

                                           "නෙතුලියෝ... මං දන්නේ නැති කොල්ලෝ ඉන්නවද බන් උබට."

                                             සයුරිගේ මුවින් පිට වූයේ සිනෙත්ගේ මිතුරා කිසිවක් කියන්නට පෙරය.

                                          "මේ අර මං කියපු ලෝයර්."

                                         සයුරි නාට්‍ය සංදර්ශනයක් ආරම්භ කිරීමට පෙර ඇගේ කනට කර මම පැවසුවෙමි.මා වටා රැස්වී සිටි එකා දෙන්නා අප අසලින් ඈත් වද්දී ගෑනු ළමයෙකු පැමිණ මා ලිස්සා වැටුණු තෙත් පොලොව වේලන්නට සලස්වා සමාව අයදැ යන්නට ගියා ය.සිනෙත්ගේ සහ ඔහුගේ මිතුරාගේ මේසයට පැමිණෙන මෙන් සිනෙත් කළ ආරාධනාව මම හිත නොරිදෙන අයුරින් ප්‍රතික්ෂේප කළෙමි.සිදු වූ ලැජ්ජාව පිළිබඳ මම සිටියේ රතු වෙමින් ය.ඔහු ඉදිරියේ ලැජ්ජා වන්නට සිදු වූ මේ කීවෙනි වතාව දැයි මම කල්පනා කළෙමි.

                                          "අපරාධේ අපිට එතෙන්ට යන්න තිබ්බේ.කොහෙද ඉතින් ඔයැයිගෙත් හරි ඔලුවනේ.ඔය වගේ ලොකු ලොකු මිනිස්සු එක්ක කන්ටෑක්ට් තියෙන්න ඕනා බන්.පාතාලයක් රන් කරත් ආයේ ඉතින් ගැලවීම ශුවර්."

                                          "උබ හිතෙන විදිහේ ලෝයර් කෙනෙක් නෙමේ සිනෙත් කියන්නේ.
මට තේරුණ විදිහ හරිනම් ඉතින්."

                                          "හා හා දැන් එහෙමවත් කියපන්කෝ."

                                           සති අන්තයේ සිදුවූ සියලුම සිදුවීම් එකිනෙකට පෙලගස්වා මම සයුරි සමගින් බෙදා ගතිමි.සිනෙත් විසින් සියුමි අක්කා ප්‍රතික්ෂේප කළ අයුරු ඇසූ පසු ඈ මට පිටුපස වූ සිනෙත් දෙස බලා සිටින්නට වූයේ ඇස් කුඩා කරය.මා ඔහුට පිටු පා සිටිය හෙයින් මගේ මුහුණෙහි වූ සිනහව ඔහුගෙන් සැගවී තිබුණි.ඇස් කුඩා කොට කට ද හදමින් සිටි ඇය අත නිකටෙහි තබාගෙන කුමක් හෝ කල්පනා කරමින් සිටියා ය.කුමක්දැයි අසන්නට ගිය මොහොතේ දී ඇගේ කල්පනාවට බාධා නොකරන මෙන් ඉගි කළා ය.ඇගේ මෙවනි විකාර වැඩ මගේ මුවට සිනහවක් ගෙන ඒම වලකාලීමට කිසි සේත් නොහැකිය.

පෙම් තාලම් || PEM THALAMWhere stories live. Discover now