හතරවෙනි පෙම් තාලම

29 7 5
                                    

                                  "තාත්තට අපි නැතුව පාළු ද?"

                                   ප්‍රධාන පාරට දැමූ පසු පියා සමඟින් කතාවකට අර අදින්නට උත්සාහ කරමින් සිටියදී මම ඇසුවෙමි.

                                  "ඔව් පුතේ...මල්ලි අම්මා එක්ක ඉන්න ඕනා කියලා දන්නවා. ඔයාට පුළුවන් හැම වෙලාවකම ඇවිත් අපේ දිහා ඉන්න."

                                   "තාත්තා ගත්ත තීරණය ගැන පසු තැවීමක් එහෙම..."

                                    මට එය කෙලින්ම අසා ගැනීමට නොහැකි බවක් දැනුණි.

                                     "පසුතැවීමක් නෑ පුතේ.ඒ තීරණය ගත්තේ මායි අම්මයි අපි හතර දෙනා ගැනම හිතලා.ඔයා නොදන්නවා උනාට හැමදාම අපි අතර ප්‍රශ්න.වෙලාවකට කිසිම තේරුමක් නැති.මේ ජීවත් වෙන කෙටි කාලෙට අපි හැමෝම සතුටින් ඉන්න ඕනා.ඒක නෙමේ සියුමි දූව බලන්න මනමාලයෙක් ආවා කිව්වානේ."

                                      "ඔව් තාත්තේ ඒ අයියා අකමැති කිව්වලු.නැන්දලා හරියට දොස් කිය කිය ඉන්නේ.සියුමි අක්කා හැම අතින්ම ඉහළින් ඉද්දිත් ඒ අයියා අකමැති වෙච්ච එකට."

                                      "ප්‍රතික්ශේප කිරීමේ අයිතියක් හැමෝටම තියෙනවා.ඒක නැන්දාලා තේරුම් ගන්නේ නැති එකයි අවුල.එයාලට ඒක දරාගන්න බෑ.අනිත් දේ ඒ පිරිමි දරුවා හරියටම හරි කියලයි මං හිතන්නේ.එයා ජීවත් වෙන්නේ කොයි වගේ ගෑනු දරුවෙක් එක්කද කියන එක දැනටමත් ඩිසයිඩ් කරලා ඇති.එතනදි ලස්සන කියන්නේ එකිනෙකාට සාපේක්ෂ දෙයක් විතරයි.සියුමි කොච්චර ලස්සන වුණත් ඒකයි ඒ දරුවට අනුව බොහොම සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නෙ."

                                       පියා පවසන ආකාරයට එය සත්‍ය යැයි මට ද සිතුණි.අප සෑම කෙනෙකුගේම ජීවිතවලට ළඟා විය හැකි පුද්ගලයන් සිටියි.උසාවිය අසලට ළංවෙද්දී නීතිඥන්ගේ කාර්‍යාලයන් ඇති පෙදෙස බැලුණේ හිතා මතාමය.මා දකින්නට බලාපොරොත්තුවෙන් සිටි රුව දැක ගැනීමට නොහැකි වුණ ද කාර්‍යාල ඉහළින් එල්ලා තිබූ නාම පුවරුවල ඔහුගේ නමද සඳහන් වී තිබුණි.මුව මත සිනහවක් පිපුණේ ඔහුගේ මුහුණ මතකයට ආ නිසාවෙනි.සිනහව නොපෙනන අයුරින් අතින් මුව වසාගත් මම කවුළුවෙන් එපිට බලාගෙන සිටියෙමි.

පෙම් තාලම් || PEM THALAMWhere stories live. Discover now