Episode 02

2 1 0
                                    

Episode 02

🤍  ඉතිම් කියන්නකො මගෙ කුකී පැටියෝ.

මාෂා එහෙම කියන ගමන් කුකීගෙ ඔළුව අත ගාන්න පටන් ගත්තා. කුකී මාෂගෙ ඔඩොක්කුවෙ කමයි ඔලුව තියාගෙන යින්නේ. කුකීගෙ සුමුදු කෙස් රොද අතරින් මාෂගේ සුමුදු ඇගිලි යවද්දි කුකීට දැනුනෙම එයා වෙනම ලෝකෙක ජීවත් වෙනවා වගේ.මාෂගේ ඇගිලි වලින් ලැබෙන ඒ පිරිමැදීම් හැම එකක්ම කුකීගේ දුක නැති කරන්න , මනස සැහැල්ලුව තියා ගන්න උදව් උනා.

💜️ නුනා..ඔයාට දුකද?

🤍 ඇයි මං දුක් වෙන්නේ මගෙ කුකී මැනික.

💜️ මායි , ටේ හියුන් විතරනේ ඔයාගෙ පැත්තෙ යින්නේ. අනිත් අය ආසම මිසු නුනටනේ.

🤍 එහෙම නෑ කුකී. මිසු මට වඩා පොඩියි. එයාට තෙරෙන්නැ. ඔයා වගේම හුරතල් වෙන්නයි ඔයත් කැමතියි. ඔයා නිතරම මගෙත් එක්කනෙ යින්නේ. ඒ නිසා මිසු නුනට හිතෙන්න ඇති ඔයා එයාට කැමති නෑ කියලා.

💜️ ඒක එහෙම නෙවෙයි. මම ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි. හැබැයි චුට්ටක් විතර මෙන්න මෙච්චරක් විතර වැඩියෙන් ඔයාට ආදරෙයි. හී.... හී...

🤍 අනේ අනේ මගේ හුරතල් දගමල්ල. එහෙම කියන්න එපා මැනික. අපි හැමෝම සහෝදර සහෝදරියොනේ. ආයෙ එහෙම කියන්නෑ. තව දෙයක් මිසු නුනා එක්කත් මං එක්ක කතා කරනවා වගේ කතා කරන්න ඕනී. හරිද රත්තරං. මගේ මැනිකට තේරුනාද ?

💜️ ඔව් නුනා.. නුනා..

🤍 ඇයි පැටියෝ..

💜️ මං හෙට නුනා එක්ක එන්නද ? මට පාළුයි කම්මැලියි. මටත් ආසයි දවසක නුනා වගේ ඩොක්ට කෙනෙක් වෙන්න. ඒ නිසා මාත් එන්නද නුනා... අනේ හා.. කියන්නකො...

🤍 හරි හරි එහෙනම් මගේ දගමල්ල එන්නකො මා එක්ක හෙට යන්න. මැනික අපි දැන් දො ගමු නේද ?

💜️ හරි නුනා. හැබැයි මට අද ඔයාගෙ තුරුලෙ නිදා ගන්න ඕනී. අනේ...

🤍 හරි හරි  එන්න එහෙනම් නිදා ගමු අපි.

💜️ ගුඩ් නයිට් මගේ මාෂා නූනා.. මං ආදරෙයි...

🤍 ගුඩ් නයිට් මගේ කුකී පැටියෝ... මාත් ආදරෙයි..

එහෙම කියන ගමන් කුකී කොට්ටේ ඔලුව තියා ගත්තා. මාෂට නින්ද නෑ අහලකවත් එත් කුකී නිදා ගන්නැතුව බලාගෙන යින්නවානෙ ඒ නිසයි නිදා ගමු කිව්වේ. කුකීට හොදටම දොයියා යනකම්  මාෂා කුකීගේ ඔළුව අත ගෑවා. කුකී නම් අතකුයි කකුලකුයි මාෂගෙ ඇගට දාගෙන හොදට ගොර ඇද ඇද නිදි. මේ අතර මාෂා නම් බර කල්පනාවක.

My Sweet Heart Where stories live. Discover now