Episode 06
කුකියා කෑගහපු පාරට සේරම බය වුනා. ජින් පුටුව පල්ලෙ, හොසොක් යුංගිට ස්ප්‍රයිට් හිරවෙලා. නම්ජුනා ටේයව බදා ගත්තා , මාෂා පාත් කරගත්ත ඔළුව උස්සලා බැලුවා , ජිමිනා මිසු ෂොක්. කුකියා කෑ ගහාගෙනම එතනම ඇදගෙන වැටුනා. එකට නම් හැමෝම බය වුනා. මාෂා කුකී ලගට දිව්වා.ජිමිනා බකස් ගාලා මුද්ද මිසුට දාපා කුකී ලගට දිව්වා.
🤍 ටේ වතුර එකක් ගෙන්නකො.
💚 ආ හරි යින්න. ආ.. මාෂා..
මාෂා වතුර ටිකක් කුකීගේ මුහුණට ඉස්සා. කුකී හිමීට ඇස් දෙක ඇරියා. හැමෝම කුකීව වට කරගෙන.
🤍 පොඩ්ඩක් ඈත් වෙන්නකො කට්ටියම. ටේ කුකීගේ හුඩි එක ගල වන්නකො. කුකීට දාඩිය දාලා.
💚 කෝ කුකී පොඩ්ඩක් කෙලින් වෙන්න.
ටේ කුකීගේ හුඩි එක ගැලෙව්වා.
🤍 කුකී පැටියෝ මොකද වුනේ මගෙ මැනිකට. ඇයි මැනික අඩන්නේ. මොකද වුනේ. ඔයාට අද ගෙදර තනියම හිටපු නිසා අවුල්ද ? කො එන්නකො මැනික. කුකී ඔයා දන්නවද ඔයාගේ මුහුණට කදුළු ගැලපෙන්නැ. කො හිනා වෙන්නකො මැනික.
කුකී මාෂව තද කරලා බදාගෙන අඩන්න ගත්තා. හැමෝටම හිතා ගන්න බෑ. ඇයි කුකී මෙහෙම හැසිරෙන්නේ කියලා. කුකී විනාඩි පහක් විතර මාෂව බදාගෙන හිටියා. කුකී ජිමිනා දිහා බැලුවා. ජිමිනත් ගැස්සුනා කුකී ජිමිනා දිහා බලපු නිසා.
💜️ ජිමින් හියුන්..
💛 කුකී ඇයි...
💜️ ඔයාට මිසු නුනා කැමතියි කිව්වද ?
.
💛 ඔව් දැන් සති දෙකක් වෙනවා ඇයි කුකී එහෙම ඇහුවේ.💜️ නෑ නිකම්.
🖤 අම්මෝ කොල්ලො උඹත් කවදා හරි කෙල්ලට ප්‍රපොසල් කරද්දී කලන්තෙ දැම්මොත් එහෙම කොල්ලො උඹ අනාතයි.
🩷 ඒක තමයි. මගේ කොල්ලා එදාට ගැම්මෙන් යින්න ඕනී.
💙 අනේ කුකී මූ වගේ නම් වෙන්න එපා. එච්චරයි.
💚 හරි හරි ඕක දැන් නවත්ත ගන්නකො. කුකී ඔයාට ඇගට අමාරුවක් නෑ නේද ?
💜️ නෑ හියුන්.
🤍 කුකී දැන් ඔයා ගිහින් හොද ශවර් එකක් දාලා හොදට නිදා ගන්න. මොකද හෙට ඔයාට ස්කූල්. උදේට අමාරුවක් තිබුනොත් ගෙදර ඉමු. තව බෙහෙත් ගෙමු.
YOU ARE READING
My Sweet Heart
Romanceජිමිනගෙයි මගෙයි ජිවිත කතාව මෙහෙම වෙනවානම් මං කොහොම වෙනස් කරන්නද ? ජිමිනා සතුටින් කියන්නේ මාත් සතුටින්.. Sad Romans Story