"Good morning මේ උබ දන්නව ද 11c එකේ හිටපු ත්‍රී ගැන්ග් එක උනුත් bio ලු කරන්නේ"
"එහෙමද මං හිතුවෙ උන් රට යයි කියලා උන් ටික මොන පන්තියේ ද දන්නේ නෑනේ.."
කවුද බන් දන්නේ, මේ ඒක නෙමෙයි අපේ එකේ ඉන්න උන් සේරම අලුත් උන්නෙ බන් "
" අනික බලකෝ මුන්ගේ ලොකුකම, යකෝ අපි මේකේ පරන හිටපු උන් "මමයි සෙනිරුවයි නෙතුමයි පොඩි chat එකක් දාගෙන හිටියා
ආ... මං කවුද කියල කිව්වේ නෑනේ
මගේ නම විහස් අභින්‍ය අතපත්තු. මගේ පෙනුම ගත්තොත් ඉතින් 5'7 ක් උස සුදු ලම්සන ලමයෙක්. හැමෝම කියන්නේ ඉතින් ලම්සනයි කියල මාත් ඉතින් එහෙම හිතාගෙන ඉන්නවා..හී
අද තමා අපේ A/l පලවෙනි දවස දැන් මාත් එක්ක කත කර කර හිටියේ මගේ පරම පිවිතුරු ප්‍රේමීය යාලුවො දෙන්නා..එක්කෙනෙක් සෙනිරු අනිත් එක්කෙනා නෙතුම්. කුරුණෑගල ප්‍රසිද්ධ boy school එකක 12F පන්තියේ ඉදන් තමා අපි මේ කත කරන්නේ."කට්ටිය ඉක්මනට ground එකට යන්නලා.,අනේ නෙතුම් මල්ලි අලුත් අයවත් එක්කන් යන්න හරිද.."
"හා අයියේ""Ohh..ඒ love එක බලපන්කෝ සෙනිරුවෝ, ඒකනේ බන් කෙල්ලෙක් වත් මෙච්චර නලවන්නේ නෑ.." ඇත්ත කියපන් උබ hp අයියට line නේද "
අනේ පලයව් යන්න ආවා මෙතන""
"කැහ්..කැහ්" හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එලියේ ඈ..
කොහොමහරි අපි ground එකට අවා.දෙයියනේ කියලා කලන්තේ දාන්න ඔන්න මෙන්න වගේ තියල principal ගේ පැය 2 දේශනේ අහන් ඉදලා clss එකට එද්දි හොද ගනන්.
"ආ මචන් උබලත් මේ clss එකේද? අපි හිතුවෙ අපි තුන්දෙනා විතරයි කියල "
එහෙම කියාගෙන අපි ඉස්සරහට ආවෙ ශෙනාල් අර කලින් කියපු three gang එකේ කට හැකරයා.
" ඔව් බං ඉතින් කොහොමද අපි 6 දෙනා විතරයි පරන උන්ගෙන් ඉන්නේ"
ඔව් නේද , කමක් නෑ අපි ටික හරි ඉන්නවනේ." ඉදගන්න ලමයි, මං තමා 12f එකේ පන්තිභාර තව physics උගන්නනෙත් මම. "
ඒ තමා නිමාලි මිස්. අපේ සෙක්ශන් එකේ ලස්සන teacher තමා එයා ඉතින් .කොහොමහරි interval එක වෙද්දී අපි 6 දෙනා සුපිරි fit උනා. කොල්ලොනේ ඉතින් මහ වෙලාවක් ය්න්නේ නෑ ft වෙන්න. හැබැයි පොඩි අවුලකට තියෙන්නේ කේශ්, නෙතුම් , සෙනිරු, මම, ශෙනාල් අපි එකතු උනාට ආදිව් ගෙවිශ ෆර්නැන්ඩෝ වැඩිය එකතු උනේ නෑ. අනේ ඉතින් අපිට මොකද මේ විහස්ට කවුරුත් ලොකු නෑ .
1.30 ට ඉස්කෝලෙන් එලියට ඇවිත් මං කෙලින්ම ගියේ ගෙදර. වෙනදාට ඉතින් රස්තියාදුවක් ගහල තමා යන්නේ හැබැයි අද එහෙම බැ. අද අපේ තාත්ති ගෙදර ඉන්නේ . එයා ඉතින් සීමන් කෙනෙක් අවුරුද්ද ට එක පාරයි ගෙදර එන්නේ.
"තාත්තී..
"චූටි පුතා අම්මෝ මගෙ කොල්ල දැන් ලොකුයි.
"තාත්ති මේ සැරේ මාස 4 ක් ඉන්නව නේද?
ඔව් ඔව්. "
අනෙ මේ චූටි පුතා සපත්තු දෙක හරි තැනින් තියල රෙදි ටික ගෙනත් දෙන්න මට හොදන්න ඕන."
අපෝ හරි හරි අම්මී ඔයාට ඉතින් ඉරිසියයි නේද.
"හුහ් මට වැඩේමයි..
" wash දාගෙන ඉක්මනට එන්න කෑම ලෑස්තියි."මං ඉතින් අම්මා කියපු විදිහටම වැඩ ටික ඉවර වෙලා පහලට ආවෙ ලොකු බත් එකක් කන්න බලාගෙන .
"අද සුදු දුව එනවද මාලි..
ඔව් සුරේ දුව හවස එහෙන් එනව කිව්වා.
මං එක්කන් එන්න යන්නද එයාව;
"ඕන නෑ යාලුවො එක්ක train එකේ එනවා කිව්ව. ..තාත්ති දන්නවද අක්කී එන්නේ මගෙ මස්සිනා එක්ක..
"නිකම් ඉන්න චූටි පුතා මගේ කෙල්ලට කතා හදන්නේ නැතුව..දැන් ඉතින් මේ ක්තා උනේ අපෙ අක්ක ගැන එයා අපි වගේ උස නෑ කොටයි සුදුයි කට තමා වැඩි ඉතින්
එයා දැන් uni ඉන්නේ colombo medical faculty. ඉතින් අද රෑ අපි කට්ටියම ගෙදර ඉන්නවා එහෙම දවස් ගොඩක් අඩුයි ඇත්තටම..ඉතින් යාලුවනේ මේ මගෙ පලවෙනි කතාව කියවල බලලා හොද ද නැද්ද කියන්න දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න..😊😊❤
බායි..
YOU ARE READING
White roses
Non-Fiction" ඇයි මේ සුදු පාට මලක්..; මං හිතුවෙ රතු පාට මලක් දෙයි කියල හැමෝම propose කරද්දී දෙන්නේ රතු රෝස මලක්නෙ ඉතින්... හැමෝගෙම ආදරේ වගෙ නෙමෙයි බබා අපේ ආදරේ ..ඔයා කැමති නැද්ද ඕකට.. මං කැමති, ඔයා දන්නවද මං ආසම මල තමා සුදු රෝස හැබැයි මං කවදාවත් හිතුවෙ නෑ මට ස...