"Good morning" විහසා
අහ්!! " good morning බන් ,
අද අපි කලින් ඇවිත් වගේ නේද"ඒවගෙ."
උබ කා එක්ක ද බන් අර ආවෙ"
"ආ ඒ මගෙ one and only sis බන්.
"එහෙමද මං ඒත් බැලුවා කවුද එ කියල , එයා ලස්සනයි නෙහ්..හී"
මන් ඉතින් ශෙනාල් දිහා බැලුවේ ටිකක් ප්රශ්නාර්ත බැල්මකින් මොකද පොරගෙ චරිතෙ කෙල්ලො සම්බන්ධයෙන් එ තරම්ම හොදයි..
"නැ නැ මචන් මන් නිකම් කිව්වෙ ඉතින්,
"අහ් එහෙම අවුලක් නෑ බන් එයා ලස්සනයි තමා හැබැයි වසයි"
හ හා මේ එක නෙමෙයි අරුන් ටික තාම නෑ නෙහ් ?
අපි කතා කර කර class එකට එද්දි hp අයිය අපේ class එකෙ ඉදන් ගියා. නෙතුම ඉන්නවා ඉතින් අලුත බැදපු මනමාලී වගේ ඇතුලට වෙලා අම්මපා මුගේ තියෙන මනමාලකම විතරක්.
අඩෝ !! මුගේ තියෙන මනමාල බැල්ම බලපන්කො විහසා ඈ ,
අනේ තමුසෙලාට පිස්සු ඕයි.."
" එහෙනම් දැන් මෙතන මොකද උනේ කියපන් , අරූ උබ එක්ක ඇට බෝල ගැහුවද ඇවිත් "
"නෑ අනේ එයා ආවෙ මට physics clss එකක් ගැන විස්තරයක් කියන්න "
"හා හා අපි පිලිගත්තා ඈ..
මායි ශෙනාලයයි නෙතුමයි කතාවක් දාගෙන ඉද්දි සෙනිරුයි ආදිව් දෙන්නා එනව. ඇත්තටම කොල්ලෙක්ට මෙච්චර perfect වෙන්න පුලුවන් ද හරි ගනට මැදපු කලිසමයි ෂර්ට් එකයි දිලිසෙන්න polish කරපු සපත්තු දෙකයි messy hair එකත් එක්ක අමුතුම පෙනුමක් ඇවිත් තියෙනවා ආදිව් ට. එක අතකට බාලිකාවේ කෙල්ලෝ මැරෙන්න හදන එක පුදුම වෙන්න දෙයක් නෑ.
"Good morning !! සෙට් එකටම."
සෙනිරුව එක කියල bag එකත් තියල අපිත් එක්ක කතාවට වැටුනට ,ආදිව් එහෙම නෑ..
"මොකද උබ අද බැට්රි බැහැල වගේ"
" උදේම කියව කියව ඉන්නේ නැතුව වැඩක් කරගන්නවා ශෙනාල් , අනිත් අයටත් එක්ක මන් මේ කියන්නේ.; මුල ඉදන්ම වැඩ කරාම පහු වෙද්දි ලේසී ,
"හරි හරි ඕයි ඉතින් අපි මේ ටිකක් අලුත් උන් ගැන කතා උනේ උබ වැඩ කරගනින්කෝ."
YOU ARE READING
White roses
Non-Fiction" ඇයි මේ සුදු පාට මලක්..; මං හිතුවෙ රතු පාට මලක් දෙයි කියල හැමෝම propose කරද්දී දෙන්නේ රතු රෝස මලක්නෙ ඉතින්... හැමෝගෙම ආදරේ වගෙ නෙමෙයි බබා අපේ ආදරේ ..ඔයා කැමති නැද්ද ඕකට.. මං කැමති, ඔයා දන්නවද මං ආසම මල තමා සුදු රෝස හැබැයි මං කවදාවත් හිතුවෙ නෑ මට ස...