" තුන්වෙනි එක,.... හ්ම්.. මම තුන්වෙනි ප්‍රශ්නේ අහන්න කලින් දෙයක් කියන්නම් . මම දන්නේ නෑ එවෝන් මම මේ වගේ දෙයක් ඔයාගෙන් අහන එක හරි ද කියලා . මොකද මේ වගේ කාලෙක ...ආහ් ෂික් . හරි මට කාලේ අදාල නෑ .මට තේරෙන්නේ නෑ මම කොහොමද මේක කියන්නේ කියලා .ම..මම මේක ඊයේ ඔයත් එක්ක මෙහෙට ආපු ගමන්මයි කියන්න හිටිය එවෝන් . ඒ..ඒත් අර වෙච්ච දේත් එක්ක මම හිටියේ ඒ වගේ දෙයක් කියන්න පුලුවන් තත්වයක නෙවේ ."
ලෙවින් අයියා මොනා කියන්න යනවද මන්දා යකෝ . මූ නිකන් ලැට් එකට ගිහින් අදාල වැඩේ කරගන්න බැරුව දඟලනවා වගේ නේ දඟලන්නේ .
" මම ඔයාගේ මේ රතු වෙන කම්මුල් ,රෝස ලිප්ස් , කෙලවරක් නැති කියවිල්ලට පට්ට ආසයි එවෝන් . ඒ...ඒත් මට ඊට වඩා වැදගත් වෙන්නේ ඔයා සතුටින් ඉන්න එක , ඒ වගේම ඔයාගේ ආරක්ෂාව. ඒ..ඒ මම තමුසෙට ආදරේ නිසා එවෝන් . I...I love you so much Ewon . මම, මට තේරෙන්නේ නෑ කවදා කොහොම මේක ඇති වුනා ද කියලා. මම දන්නේ මම ඔයාට ආදරේ කියලා විතරයි .ඔයා විශ්වාස කරයි ද කියලා නම් දන්නේ නෑ .මට මෙච්චර කාලෙකට හිතට දැනුනු , ආදරේ කරන කෙනෙක් විදිහට දැනුනු එකම කෙනා ඔයා එවෝන් . මට ඕනේ ඔයා මාත් එක්ක හැමදාම එකට ඉන්නවා දකින්න ."
අම්මෝ දැන් නම් ලෙවින් අයියා සුපිරිම සීඝ්‍රගාමී කෝච්චියක් . මූ කියවන එක , එක තත්පරයකටවත් නවත්තන්නේ නෑනේ .
ලෙවින් අයියා අත් දෙකෙන් ම මගේ මූණ අල්ලගෙන එහෙම කියද්දි මම හොදට ම දැක්කා ඒ ඇස්වල කදුලු පිරෙනවා . එයාගේ අත් දෙකත් වෙව්වලනවා වගේ මට දැනුනේ .
ඒත් ලෙවින් අයියා ඒ කියපු වචන ටිකට මගේ හාට් එක ගැලවෙන්න තරම් වේගයකින් ගැහුනා . මම මෙච්චර දවසක් අයියට කියන්න හිටපු දේ එයාගෙම කටින් කියවුනා කියලා මතක් වෙද්දි මට ආපු සතුට මෙච්චරක් කියලා කියාගන්න තේරෙන්නේ නෑ .
එයාගේ ඒ කිව්ව එක වචනයක් පවා මගේ කන් දෙකේ දෝංකාර දෙන්න පටන් ගත්තා . අනේ මමත් තමුසෙට ආදරෙයි හලෝ .
" මම දන්නේ නෑ ඉස්සරහට මොන වගේ ප්‍රශ්න අපිට එයිද කියලා .ඒත් ඒ එන ඕනෙම ප්‍රශ්නෙකදී මම ඔයා එක්ක ඉන්නම් . I'm promise it and I love you so much Ewon .මම දන්නවා මේ වගේ දේකට ඔයාට එකපාරට ම උත්තර දෙන්න අමාරුයි කියලා . මම මේ ගැන ඔයාට පේෂර් එකක් දෙන්නේ නෑ .ඒ...ඒත් ප්ලීස් මට ඔයා ගැන බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් ද කි-"
YOU ARE READING
හදවත් ❤️
Non-Fiction♥️ ඇවිදින මලමිනි අතර හමු වූ ආදරණීය හදවත් ♥️ බිහිසුනු වෛරසයක් හමුවේ අපරාජිත වූ ආදරණීය හදවත් ... ❤️😘 සිත් රිදුම්‚ හැර යාම වුවද සිනා සී දරා ගත් ශක්තිමත් හදවත් ...❤️🩹😇 වාසනාවට එහා ගිය අධිෂ්ඨානශිලී හදවත් ... ❤️🔥😌 මිතුරුකම් හා ආදරය පිරී ගිය අහින්ස...