මං අැස් වහගෙන හිටියත් අැයව පැහැදිලිවම පෙනුනා... අැය හිටියෙ අැගෙ ප්රානයක් රහිත මලානික අැස් අපි දිහාටම යොමු කරගෙන.. එ් අැස්වල පිරිලා තිබුනෙ වෙෙරයක්ද වේදනාවක්ද කියලා මට තේරුම් ගන්න බැරි වුනා.මට දැනුන විදියට එයා තවමත් අෑත ඉඳන් බලන් ඉන්නවා...අැගේ සුදුපාට දිග රාත්රී අැඳුම සුළඟට ලෙලදුන්නෙ හරියට මරනයේ කොඩියක් ලෙලවනවා වගෙයි... අැගේ නග්න දෙපාවල ලේ වෑහෙන කැපුම් අෑ මරනයට පෙර විඳි දුක්ගැහැටවල සාක්ෂි කිව්වා... බය අතරින්ම මගෙ හිතට අෑ ගැන පුංචි අනුකම්පාවකුත් අැති වුනා.
මගෙ සිරුර වටා දිවෙන දෑත් තවත් තද වෙනකොට තමා මට එ් දෑත ගැන අායෙමත් සිහි වුනේ.
එතකොට මගෙ අැඟ වටේ ගිය අත් දෙක... එ්වා... එ්වා කාගෙද....
මගේ ගෙල හරහා සියුම් හිරිවැටීමක් ගමන් කලා. මගෙ හදවතත් ගැහි ගැහි පත්තු වෙන ලයිට් එකක් වගේ වෙලයි තිබුනෙ...එ්ක කොයි වෙලාවෙ නිමිලා දන්නෙ නෑ...
මට අැස් අැරලා බලන්න ඕනේ වුනත් එ් තරම් හිතේ හයියක් තිබ්බෙ නෑ. මං කිසිදෙයක් කරකියාගත නොහැකිව මොහොතක් කල්පනා කලේ මීළඟ මොහොතේ මට අත්වෙන ඉරණම ගැන...
ඊලඟට එ් අත් මගෙ බෙල්ලට යයිද.. නැත්නම් වෙන විදියකට මාව මරයිද... බේරෙන්න එක මඟක්වත් නොපෙනුනත් මැරෙන ක්රම නම් ගොඩක් තියෙන බව මගෙ සිහියට අාවා.
මට දැනුනෙ ඉස්සර මහ රෑ තිස්සේ වීරයා වගේ බලපු භයානක හොල්මන් ෆිල්ම් එකක් අැතුලෙ මාව අද හව්හරනක් නැතුව හිර වෙලා වගේ. දුවලා බේරෙන්න බැරි, ගහලා පරද්දන්න බැරි, දැනටමත් මලගිය වුන් ඉදිරියේ, මං තවත් එක දුර්වල මනුස්සයෙක් විතරයි.
ඉස්කෝලෙදි නම් කොල්ලො ටිකත් එක්ක වැඩ්ඩා වගේ හිටියත් මං මොනතරම් දුර්වලද කියලා මට මගෙ ජීවිතේ පලවෙනි වතාවට හිතුනා.
මේ මගෙ ජීවිතේ අවසාන මොහොතද එහෙනම්...
මං හැකි වෙර යොදලා කෑගහන්න හැදුවත් සුපුරුදු සුවඳක් තියෙන අතක් මගේ කෑගැසීම අවහිර කලා..
මගෙ ගෙල පෙදෙසින් දැනුන උනුසුම් හුස්ම පොදෙන් මං අඳුන ගත්තා එ් කවුද කියන එක.
YOU ARE READING
DEATH
HorrorA NiGHt WiTh DeAth . . . seven boys and their coach went on a journey and they got lost... at that night, they had faced the most scariest things in the world.... it's only one night.... JUST ONE NIGHT they had to fight with death... another bangt...