" ටේ..."
මා නැවතත් ඔහුව අැමතුවේ මා තවමත් තනි නොවන බව තහවුරු කරගන්නයි.
රැයේ නිහඬ බව බිඳිමින් නැගුන අද්භූත කිරි කිරි හඬ නැවතත් නැගෙන්නට වුනා.
නැවතත් එම හඬේ අබිරහස විසඳා ගැනීමකින් තොරව ටේ වෙත හැරීමට නුවමනා වූ හෙයින් මා එම හඬ ගැන විපරම් කලා.
එය නැගුනේ කාමරය වසාගනිමින් තිබූ විශාල කබඩයේ පියන්පත් අතරින් බව දැන් නම් මට හොඳින්ම විශ්වාසයි.
නමුත් එ් කීවෙනි පියන් පතද... කවුද එ් තුල ඉන්නේ... තවත් හොල්මනක්ද... නැත්නම් අපෙන් මඟ හැරී අතුරුදහන් වූ අපේ මිතුරෙක්ද...
කුමක් වුවත් එ් පිලිබඳව දැන ගැනීමට නම් අනිවාර්යයෙන්ම පරීක්ෂා කර බැලිය යුතුයි. වෙන මොනව නම් කරන්නද....
මා හිතට හයිය ගෙන එන ඕනෑම දෙයකට මුහුණ දීමට හිත හදාගත්තා.
සිහින් හඬක් නංවමින් විවර වූයේ කබඩයේ මැද පෙදෙස වූ පියන්පතක්. එය තුල දැඩි අඳුරකින් යුතු වූ නිසා, අැතුලෙහි කිසිවෙක් සිටීද නැද්දැයි පැහැදිලි වුනේ නෑ.මා මඳක් කිට්ටු වී විපරම් කලේ එබැවින්.
මා නොදැනුවත්වම මා කබඩය අසලටම ගොස් තිබුනා.
එ් තුල තිබූ යමක් මා දුටුවා. එය සජීවී යමක්...
ඔව් මා නිවැරදි නම් එ් මදෙස බලා සිටින දෑසක්.... සැබැවින්ම හොඳින්ම හුරුපුරුදු දෑසක්...
එ් ගුප්ත දෑසේ හිමිකරු කවුරුන්ද....
මගේ හිත කුතුහලයෙන් පිරී ගියා.
කෙමෙන් කෙමෙන් දොර විවර වන විට, කාමරයට පතිත වන ලා සඳ එලිය කබඩය තුලටත් පැතිරුණා.
කබඩය තුලට තීරුවක් අාකාරයෙන් විහිදුනු අාලෝකයෙන් මට ඔහුව හඳුනා ගත හැකි වුනා.
එය කෙසේ නම් සිදුවන්නද... මා එය විශ්වාස කල යුතුද... එහෙත් එය සැබැවින්ම සිදුවන්නේ කෙලෙසද... වෙන කවුරු එය විශ්වාස කලත් මා කෙසේ විශ්වාස කරන්නද...
එය තුළ සිටියේ වෙන කවරකුත් නොව මායි.
මම කබඩය තුල සිටි මා දෙසම බලා සිටින බව මා කෙසේ විශ්වාස කරම්ද...
YOU ARE READING
DEATH
HorrorA NiGHt WiTh DeAth . . . seven boys and their coach went on a journey and they got lost... at that night, they had faced the most scariest things in the world.... it's only one night.... JUST ONE NIGHT they had to fight with death... another bangt...