අැයගෙ වේදනාබර දෑස් අතරෙ මං අතරමං වෙලා හිටියා. මට දැනුනෙ මුලු ලෝකෙම නතර වෙලා වගෙයි.
මා අැයගෙ දෑස් අතරින් වෙනත් ලොවකට ගියා වගෙයි.
මං හිටියේ මන්දිරයක් වගේ ලස්සන තැනක... පෙනුමෙන් නම් එය නිදන කාමරයක් වගේ... රාජකීය පෙනුමැති විදුලි පහන්වලින් කාමරය අාලෝකමත්ව තිබුනා.
මං වටපිට බැලුවෙ මගෙ යාලුවන්ව හොයාගන්න. එ්ත් කොහෙදෝ ඉඳන් මගේ දෑස් මානෙට අාවෙ මා මොහොතකට පෙර දැකපු අැයමයි...
නමුත් එ් වෙනස්ම විදියකට...
අැයගෙ මුවේ රැඳිලා තිබුනෙ බියකරු හිනාවක් වෙනුවට දුටුවන් වසඟ කරවන සුන්දර සිනහවක්... දීප්තිමත් දෑසකින් ඔපවත් වුන අැගේ මුහුණ දැකලා පුරුදු බවක් මට දැනුනා...
අැය අැඳගෙන හිටියෙ මා කලින් දැකපු සුදු පැහැ රාත්‍රී ගවුමම වුනත් එහි කිසිදු ලේ පැල්ලමක්වත් ඉරීමක්වත් තිබුනෙ නෑ...
අැය සිහින් හඬින් ගීයක් මුමුනමින් ජනේලය වෙත අැවිදගෙන ගියෙ සතුටින් දෑත් විදහාගෙන නටමින්. අැය සතුටින් සිටි බවක් පිටතින් පෙනෙන්න තිබුනත් යමක් නිසා අැය හදවතින් දුක් වන බවක් මට පෙනුනා.
අැගේ එක් අතක තිබූ වයින් බෝතලයත්, වරින් වර සිදුකරන සුසුම්ලෑමත් එ් බවට සාක්ෂි කීවා.
නමුත් අැයගෙ ගීයට බාධා කරමින් දොරේ සීනුව හැඬවුනා.
අැය ගීය නවත්තලා දොර දෙසට අැවිදගෙන ගියේ මඳක් අමනාපයට පත් හඬක් නඟමින්.
අැය දොර සම්පූර්ණයෙන් විවර කරන්නත් කලින්, කාමරේ අැතුලට පැනපු මැරයො වගේ පෙනෙන පිරිසක් අැයව බිමට තල්ලු කලා.
" කෑගහන්න හදන්න එපා. එහෙම වුනොත් අද උඹට විතරක් නෙවෙයි උඹේ පෙම්වතාටත් අද මෙහෙන් පන පිටින් යන්න වෙන්නේ නෑ..."
" මොකද ඔහොම බලන්නෙ... උෟත් දැන් ඉන්නේ මේ හෝටලේම තමා... උෟ මැරෙනවා දකින්න ඕනේ නැත්තන් කට වහන් හිටපන්..."
ඔවුන් අැයට කතා කලේ හරිම පහත් විදියට. අැයත් අාපසු පෙරලා කතා කලේ ඔවුන් හමුවෙ අැය බිය නොවන බව පෙන්වන්න වුවත් අැයගෙ අහිංසක දෑස් බියෙන් පිරිලා තිබුන බව මට පෙනුනා.
YOU ARE READING
DEATH
HorrorA NiGHt WiTh DeAth . . . seven boys and their coach went on a journey and they got lost... at that night, they had faced the most scariest things in the world.... it's only one night.... JUST ONE NIGHT they had to fight with death... another bangt...