" අනේ ඇත්තටම ගෑණු ළමයෙක් හැදෙන හැටි... ඒයි නැගිටිනවා... දැන් වේලාව 8.00 යි. අද නේද අර Interview එක. Eun ha නැගිටිනවා 🗣
Eun ha Prov :
අම්මාගේ සද්දේට මම උඩ ගිහින් ඇහැරුණත් ඇදෙන් බහින්න වස කම්මැලි අප්පා😴 අම්මාගේ කරදරෙන් බේරෙන්න බැරි කමටයි මම අද ඔය Interview එකට යන්න කැමති වුනේ.... දැනට අවුරුද්දකට කලින් දාපු application එකකට දැන් Interview කතා කරන්න මේ මිනිස්සුන්ට පිස්සු ද මන්දා...😠 අවුරුදු එකහමාරකට කලින් මට ලොකු අනතුරකට මූණ දෙන්න වුණු නිසා මම එහෙම job එකකට apply කලා ද කියලවත් මට මතක නෑ. අඩු ම තරමේ ඒ accident එකෙන් පස්සේ මට මාවත්, මගේ පවුලේ කිසිම කෙනෙක්වත්, ඊට කලින් වූණු කිසි දෙයක්වත් මතක තිබිලා නෑ.....😣 මගේ මතකේ සම්පූර්ණයෙන් ම නැති වේලා ඒ accident එකෙන් පස්සේ... 😢 ඒත් මගේ අම්මා මාව කොහොම හරි එයාට පුලුවන් උපරිමෙන් බලා ගත්ත නිසා අද මට මගේ වැඩ තනියම කරගන්න පුලුවන් විදිහට මට හොද වේලා තියෙන්නේ... 😊
මේ වෙච්ච දේ නිසා කලින් කර කර ඉදපු job එකත් නැති වුණ නිසා හැමදාම මෙහෙම ඉදලා බෑ කියලා iob එකක් හොය හොය ඉද්දි තමයි මේ interview call කලේ. අම්මා නම් කියන්නේ ඉස්සර මම මේ job එකට apply කලේ පුදුම ආසාවකින් ලු.... මම ඒ තරම් හීන මවපු job එකක්ලු මේක. ඒත් හත් දෙයියනේ දැන් මට ඒ කිසි දෙයක් මතක නෑනේ. ඕකට යන්න ම ඕනේ ද? 😰
" Eun ha නැගිටිනවා🗣 ඔයා මේ job එක නැති කරගත්තොත් වෙන ගෙයක් හොයා ගන්න වෙනවා ඔයාට. අරස්සෝ ???? 😠
අනේ දෙයියනේ මට ඉන්න හිටින්නත් තැනක් නැති වෙන්න යන්නේ 🥺Time passed
කොහොමින් කොහොම හරි අම්මාගේ කරදරෙන් බේරෙන්න ඕන නිසා ම මම interview එකට යන්න ගෙදරින් එලියට බැස්සා... 10.30 ට තමයි interview එක තියෙන්නේ. පයින් ම bus holt එකට ඇවිත් seoul වලට යන bus එකට නැග්ගා. විනාඩි 20ක ගමනින් පස්සේ බස් එකෙන් බැස්ස මම interview letter එකත් අතට අරගෙන ඉස්සරහට ම ගියා.... තැන හරියට ම දන්නේ නැති නිසා ඉස්සරහට ආපු ගෑණු ළමයි දෙන්නෙක් ව නවත්තලා"චෝගියෝ bighit entertainment එක කොයි හරියේ ද?"
ඒ කෙල්ලෝ දෙන්නා මාව කන්න වගේ බලන් ඉදලා
"ම්වෝ... ඔයාගේ bighit එක තියෙන තැනවත් දන්නේ නැද්ද? ඔයා ඇත්තට ම කොරියාවේ කෙනෙක් ද? "
මට පුදුම හිතුනා. ඇයි ඒක ඒතරමට ලොකු තැනක් ද? මම මගෙන් ම අහ ගත්තා.
"අනී.... මම සෝල් වලට අලුත් එකයි"
ලැජ්ජාවෙන් බේරෙන්න ඕන නිසා මම කිව්වා."ආ... තව ඉස්සරහට යන්න. ගියා ම දකුණු අත පැත්තේ ඇති bighit කියලා ලොකුවට ගහලා.( ඇත්තටම එහෙම bighit කියලා ලොකුවට ගහලා නෑ🤭 කතාවක් නිසා එහෙම හිතමු අපි)
"කම්සම්මිදා...... චුම්මා කම්සම්මිදා "
කියලා මම යන්න හදද්දීම
"චෝගියෝ...""දේ..."
"ඔයා ඇයි bighit එක ගැන හොයන්නේ??? "
මෙයාලට තියෙන ප්‍රශ්න බොලේ. එහෙම අහලා ඒ කෙල්ලෝ දෙන්නා මගේ ඇගේ එල්ලුණා."ඔයා BTS ඔප්පලා බලන්න ද යන්නේ... එහෙම නම් ඒ අදහස අතහැර ගන්න. අපි අවුරුදු ගාණක ඉදන් try කරනවා එයාලට කතා කරන්න. ඒත් එයාලා ව හම්බ වෙන්න chance නෑ අනේ... මට දුකයි ඔයා ගැනත්... "
මෙන්න මේ දෙන්නා මගේ ඔලුව අතගනවා... මම ටිකක් ඒ දෙන්නාගෙන් එහාට වේලා...
"අනී.... මම මේ වෙන වැඩකට යන්නේ.... Bighit එකට නෙමෙයි යන්නේ. ඒ ළග තියෙන වෙන තැනකටන.... හී.... මම එහෙනම් යන්නම් ... කම්සම්මිදා ....
මම එතැනනින් ටික දුරක් දුවලා නැවතිලා පිටිපස්ස බැලුවා. මෙන්න ඒ කෙල්ලෝ දෙන්නා මට රවනවා 😏 පිස්සු ද කොහේ ද?
BTS ඒ කවුද ? ඇයි එයාලා එච්චර විශේෂ? දැන්නම් මට ටිකක් බයත් හිතෙනවා. Bighit එක ගැන කිසිම දෙයක් දන්නේ නැතුව ඇවිල්ලා ලැජ්ජ වෙන්න වෙයි ද මන්දා.... 😢 මොකද කරන්නේ මම දැන්....අම්මෝ........
කවුදෝ මන්දා මගේ ඇගේ හැප්පුණ නිසා මාව වැටුනා. මගේ ඉහ මොල රත් වුනා. 😡
"උඩ බලන්ද පාරේ යන්නේ"
ගත් කටට ම මම එහෙම අහලා උඩ බැලුවා. කවුද බොලේ මේ black bucket hat එකකුයි, black color face mask එකයි කලු ම කලු jacket එකයි....
බැලුවාම ඔක්කෝම කලු. Hat එකයි mask එකයි අතරින් පෙනුණු ඇස් දෙක මං දිහා බලන් හිටියේ හරි ම පුදුමෙන්. එයා ඒ පුදුමේ එහෙම්ම ම තියාගෙන මට තව ලං වෙනවා. මේයා මේ
මොකටද මේ එන්න හදන්නේ...... 😶
.
.
.
.
.
.
.
මතු සම්බන්ධයි
හායි 🙋🏻♀️ මේ මගේ පලවෙනි FF එක. වැරදි නම් ගොඩක් ඇති. ඒවාට සමාව ඉල්ලනවා. කියවලා ඔයාලගේ අදහස් කියාගෙන යන්න... 💜
YOU ARE READING
Dream Lovers 💫[ Completed ]
FanfictionTime Passed. but your memory is life itself 🥀 Start - 2020 May 26 ✨ End - 2020 October 25 ✨