Eun ha pov
දවස් ගාණක ඉදන් seoul වලට ඉවරයක් නැති වැස්ස....... අදත් එහෙමයි..... පරිසරයම අදුරු වලාවකින් වහාගෙනයි තිබුනේ....... වහිනවට මම ආස වුණාට වැස්ස නිසා මිනිස්සුන්ට වෙච්ච පාඩු, අලාභ ඇහුවාම වැස්ස නැවතුනා නම් හොදයි කියලා මම හැම තිස්සේම ප්‍රාර්ථනා කලා..... Tea break එකට මායි මගේ හොදම යාළුවා සූ හී, Coffe bar එකකට ආවේ සීතලට coffe එකක් බොන්න කියලා......
එයා දැන් මොනවා කරනවා ඇද්ද???? අද වැස්ස නිසා dorm එකට වෙලා ටිකක් වැඩිපුර නිදි ඇති...... නෑ නේ.... නිදාගෙන කොහොමද??? ලබන බදාදා එයාලාගේ show එකනේ..... ඒ නිසා රෑයක් දවාලක් නැතුව patrice වෙනවා ඇති..... පව්😔 වේලාවට කනවද දන්නේත් නෑ......
Cafe එකේ කෙලවරට වෙන්න තිබ්බ table එකක ඉදගෙන මම ජනේලයෙන් එහා බලන් කල්පනා කලේ මගේ පලවෙනි ආදරේ ගැන..... ඇත්තටම එයා මට හැමදාම හීනයක්.......... කවදාවත් හැබෑ කරගන්න බැරි....... 😔 තවත් වේලාවකට එයා අහසේ තරුවක් කවදාවත් අල්ලගන්න තියා හිතන්නවත් බැරි.......... ඒත් ඉතිං මගේ ආදරේ කිසිම අඩුවක් නෑ දැක්ක දවසේ ඉදලා අද වෙනකම්ම.......
මේ වැටෙන වැහි බිංදුත් හරියට එයාව දැනගන්න කලින් හිටපු මං වගේ..... කිසි අරමුණක් නෑ, ඔහේ කඩන් වැටෙනවා...... ඒත් දැන් එහෙම නෑ. එයා නිසා ගොඩක් දේවල් වෙනස් වුණා.....
" යා.... මොනවද ඔච්චර කල්පනා කරන්නේ "
සූ හී මං ගාවට ආවේ උණූම උණු coffe cup දෙකක් අරගෙන.......
" මෙන්න ගන්න ඉක්මනට..... ආව්... ආව්.... පිච්චෙනවා "
සු හී මට ඉස්සරහින් තිබ්බ පුටුවේ වාඩි වුණා.
" ඔප්පා ගැන නේද කල්පනා කලේ "
එයා ඇස් දෙකත් ලොකු කරගෙන මගේ පැත්තට හැරුණා. මම හිනා වෙලා ආයේ ජනේලයෙන් එහා පැත්ත බලාගෙන coffe එක බොන්න පටන් ගත්තා.
" මේ ඒක් නෙමෙයි, අපි ලබන බදාදා show එක බලන්න යන්න අලුත් BTS T shirt එකක් ගමුකෝ eun ha...... මට නම් බෑ පරණ එක ඇදන් යන්න "
සු හී ඇහුවේ මූණත් ඇඹුල් කරගෙන.......
" මේ මාත් කියන්න හිටියේ ඕක...... අද යමුද හවසට එහෙනම් "
හරි..... ඔන්න ඉතිං අද හවස් වරුම අපිට කරන්න ගොඩක් වැඩ තියෙනවා ඒ කියන්නේ..... සු හීයි මායි පොඩි කාලේ ඉදලාම හොද යාලුවෝ. මගේ දුක සැප දෙකේම මාත් එක්ක හිටපු හොදම යාලුවා. අපි දෙන්නාම ඉතිං BTS Army. මගේ bias වගේ ම මගේ ආදරේ, මගේ දුක, සතුට, මගේ හැමදේම වුනේ Jungkook. සු හීගේ bias වුනේ Suga ඔප්පා. ඒ වුණාට අපි ඒ හත් දෙනාටම ආදරේ කලා වගේ ම ගරු කලා. අපි දෙන්නා ඉතිං එයාලාගේ show එකක් එනකන් ඇගිලි ගැන ගැන හිටියේ..... මේ අපි යන පලවෙනි show එක..... මට එදාට පිස්සු හැදෙයි ද දන්නේ නෑ. මේච්චර කාලයක් හීන දැකපු ඒ දවස උදා වුනාම පිස්සු හැදිලා බේරුණොත් බැරියැ...... මීට කලින් හැම show එකක්ම අපි internet එකෙන් තමයි බැලුවේ..... ඒ හැම පාරම හිතුවේ කොහොම හරි දවසක ඇත්තටම show එකක් බලන්න යනවා කියලා. දැන් එක හැබෑ වෙන්න යන්නේ 😍
YOU ARE READING
Dream Lovers 💫[ Completed ]
FanfictionTime Passed. but your memory is life itself 🥀 Start - 2020 May 26 ✨ End - 2020 October 25 ✨