Jk pov
හදිස්සියේ ම මගෙන් ලැබුණු kiss එක නිසා කලබල වුණු eun ha ටික වේලාවකින් මට අවනත වුණා. මෙච්චර දවසක් හිතේ හිරවෙලා තිබ්බ ඒ හැගිම් ඔක්කොම මම මගේ ප්‍රථම හාදුව එයාට දෙන ගමන් විද ගනිමිනුයි හිටියේ...... ඒත් එකපාරටම මගේ ග්‍රහණයෙන් මිදුණු eun ha මිල මොලවලා මගේ බඩ මැදට පාරක් දුන්නේ මට රෑ තරු දවල් පෙන්නන ගමන් 😣
" යා ........ ඔහේ මේ මොනවද කරන්නේ???? "
පුංචි වුනත් ඒ අත් වලින් ගුටියක් කෑවාම තරු විතරක් නෙමෙයි මුළු අභ්‍යවකාශයම පේනවා.
" ආයිෂ්...... මේ වගේ රොමැන්ටික් වේලාවක ඔහොම කොල්ලාගේ බඩ මැදට ගහන්නේ මොන ලෝකේද???? "
මම වේදනාවෙන් බඩත් අල්ලගෙන එහෙම කියලා ඔළුව උස්සලා බලද්දි ඒ ඇස් අඩලා අඩලා හොදට ම හෙම්බත් වෙලා තිබ්බේ...... මෙච්චර අඩන්න මොකද උනේ මෙයාට.
" ඇයි මේ ඇස්....... තාම ඔළුව රිදෙනවාද??? "
මම එහෙම කියාගෙන එයා ලගට යද්දි එයා පස්සට යනවා..... හරියට මාව ප්‍රතික්ෂේප කරනවා වගේ.....
" මගේ ලගට එන්න එපා....... ඔහේ දන්නවද ඔහේ අද මේ ගත්තේ මගේ 1st kiss එක කියලා....... ඔහේ නම් මහ බුරු බුල්ඩෝසරයක් 🗣 "
" යා ටකරම!!!!! ඔහොම කෑ ගහන්න තරම් දෙයක් වුනේ නෑනේ.... මාත් අද ඔයාට දුන්නේ මගේ 1st kiss එක🙈 කවදාවත් කිසිම කෙල්ලෙක්ට නොදිපු..... ඔයාට විතරක් දෙන්න රැක ගෙන හිටපු....... "
මං හෙමින් හෙමින් eun ha ට ලං වුණා. කෙල්ල ආයෙත් ඇස්වල කදුළු පුරවගෙන මං දිහා බලන් හිටියා...... දැන් අපි අතර හුස්මක දුරක් විතරයි තියෙන්නේ.......
" මට සමාවෙන්න මේක කියන්න මෙච්චර කල් ගත්තාට..... Eun ha සරංහේ..... "
මුළු හිතට ම ලොකු නිදහසක් දැනීගෙන එද්දි මම ආයෙත් ඒ දෙතොල් වලට බර වෙන්න උත්සාහ කලා.......
බෑනේ ඉතිං කරන්න මෙයත් එක්ක..... ආයේ අර චුටි අත උලුක් කරලා මට සැර දානවා. ඉන්නවකෝ අද හොද පාඩමක් උගන්නන්න. මගේ මූණ ලගට දික් කරපු අතෙන් ඇදලා මං එයාව තවත් මගේ ලගට ගත්තා..... මෙන්න වැඩක්!!!! ඇස් වහගෙනත් ඉවරයි 🤭 හී...... හොර කෙල්ල....
YOU ARE READING
Dream Lovers 💫[ Completed ]
FanfictionTime Passed. but your memory is life itself 🥀 Start - 2020 May 26 ✨ End - 2020 October 25 ✨