Eun ha pov
Jeonju hanok වලට ආපු අපිට වෙන වෙන ම කාමර දීලා තිබුණා. මායි මින් සෝයි එක කාමරේක...... කොරියානු සම්ප්‍රදායික ගෙයක් වෙච්ච මෙහේ නිදා ගන්න තිබ්බේ ඇදවල් නෙමෙයි. බිම තමයි නිදා ගන්න තියෙන්නේ. ඒකත් මරු......
අපි ටික වේලාවක් කාමරවලට වෙලා ඉදලා එලියට ගියේ කට්ටියට ම එන්න කියලා මිස් ජං පණිවිඩයක් එවලා තිබ්බ නිසා. ඒත් කාමරෙන් එලියට බැහැපු ගමන් කවුදෝ මන්දා මාව ඇදගෙන ගියේ මාව වැටෙන්න යද්දී.... මේ මෙයානේ.... පිස්සු ද මන්දා මේ ජන්ග්ගුක්ශිට.
" ඒයි.... ඒයි....කොහේද මේ ඇදගෙන යන්නේ මාව...... යා🗣 කන ඇහෙන්නේ නැද්ද??? "
"පොඩ්ඩක් කට පියාගෙන මෙහේ එනවා...... මරන්න එක්කන් යන්නේ නෑනේ "
කොහේ යනවද මන්දා. මරන්න ඇදන් යනවා වගේ තමයි.... එයා මාව එක්කන් ගියේ hanok ගෙදර දකුණු පැත්තට වෙන්න තිබ්බ හරිම නිස්කලංක පැත්තකට.....
වාව්!!!!! ඒ දැක්ක දෙයින් මට දැනිච්ච සතුට කියාගන්න වචන නෑ..... යායට daisy මල් පිපිලා පුදුම ලස්සනක් 😍😍😍 දෙයියනේ මම දකින්නේ හීනයක් ද????
" ආසයි නේද ? "
ජන්ග්ගුක්ශි ඇහුවේ daisy මල් දැකලා සතුටු වුණු මගේ මුණ දිහා බලාගෙන......
" හ්ම් ඔව්...., ගොඩාක් "
ඇත්තටම මට පුදුම සතුටක් දැනුනේ......
" ඔයා ආසම මල daisy නේද??? "
මොකක්, මෙයා කොහොමද ඒක දන්නේ ???
" ම්වෝ ඔයා කොහොමද ඒක දන්නේ ??? "
ජන්ග්ගුක්ශි මාව එයාගේ පැත්ත හරවගෙන මගේ උරහිස් දෙකට එයාගේ අත් දෙක තියලා මගේ මුණ ලගට පාත් වුණා.......
YOU ARE READING
Dream Lovers 💫[ Completed ]
FanfictionTime Passed. but your memory is life itself 🥀 Start - 2020 May 26 ✨ End - 2020 October 25 ✨