Eun ha pov
කොච්චර බැන්නත් වැඩක් නෑ මේ කොල්ලට..... මාව අවුස්සන්න මොකක් හරි දග වැඩක්මයි කරන්නේ.... එක්කෝ කොණ්ඩේන් අදී..... එක්කෝ ඇදුමෙන් අදී..... කෝලම් ගොඩයි.
" පොඩ්ඩක් දගලන්නේ නැතුව ඉන්නවකෝ මේ වැඩේ ඉවර කරනකන්.... "
පුටුවට තියලා මොකකින් හරි බදින්න හිතෙනවා මට මෙයාව. දගවැඩ කරලා හුරතලේට හිනා වෙන එකනේ ඉවසන්න බැරි.... කොහොම හරි මගෙන් බැනුම් අහලා අහලා කොණ්ඩේ හදනකන් පුටුවට වෙලා හෙල්ලෙන් නැතුව හිටියා.
කළු පාට, අනිත් අයට වඩා ටිකක් දිගට තිබ්බ කොණ්ඩේ ජන්ග්ගුක්ශිට ගෙනාවේ අමුතුම කඩවසම් කමක්....... කොණ්ඩේ පීරලා ඉවර වෙලා ඇගිලිවලින් කොණ්ඩේ අතරින් එයාගේ ඔළුව අත ගෑවුනේ ඉබේටමයි. Errrrrr....... මොනවද මම මේ කරන්නේ...... Eun ha ආපු වැඩේ කරනවා!!!!!
ඇහ්!!!! මෙයා මොකද සද්දයක් නැත්තේ..... කෝ බලන්න.... අනේ නින්ද ගිහින්..... ඇයි ඉතින් දැන් දවස් කීයක ඉදන් මහන්සි වුනාද මේ show එකට...... කරපු වැඩ ඔක්කෝම නවත්තලා මෙයා දිහා බලන් ඉන්න හිතෙනවා..... ඒ තරම් අහිංසකයි නිදා ගත්තාම😍
"මොනවද ඔච්චර මං දිහා බලාගෙන කරන්නේ?"
ඈහ්..... නිදි නැද්ද මෙයා??? සැක්....ලැජ්ජාවේ බෑ😒
" ම්..... ම බැලු......වේ නෑ "
මෙන්න බොලේ ඒ ගමන හෙන මනමාල හීනාවක් දානවා. කොහොමද දෙයියනේ මේවා ඉවසන්නේ. Eun ha හොද සිහියට එනවා!!!!
" කට්ටිය ඉක්මන් කරමු.... තව ටික වේලාවයි තියෙන්නේ..."
මිස් ජං ඇවිත් කියලා ගියා. ටික වේලාවක් යනකන් ජන්ග්ගුක්ශි කිසිම සද්දයක් නැතුව ලොකු කල්පනාවක වැටිලා හිටියේ.... ඒ අතරේ මම එයාගේ මුණේ makeup එක ඉවර කලා. දැන් lipstick එක!!!!! ලා රතු පාටට හුරු එකක් තමයි මෙයාගේ skin එකට ගොඩක් ම ගැලපෙන්නේ.
මම Lipstick එකත් අරගෙන එයාගේ පැත්තට පාත් වුනේ එයාගේ ලා රෝස පාට දෙතොල දිහා බලාගෙනමයි. ඒත් ඇයි මට ඒ තොල් දිහා බලන් ඉද්දී අමුතු හැගීම් ගලාගෙන එන්නේ..... ඒ රෝස පාට තොල්!!!!!!
" ඔයා ඕක අද ගානවද ??? "
හා පැටියෙක්ගේ වගේ තිබුණු ඇස් දෙක ලොකු කරගෙන ඔළුව උස්සලා මං දිහා බලපු ජන්ග්ගුක්ශි ඇහුවා. අයියෝ මම මොනවද මේ කරන්නේ..... මට මොනවද මේ වෙලා තියෙන්නේ...
YOU ARE READING
Dream Lovers 💫[ Completed ]
FanfictionTime Passed. but your memory is life itself 🥀 Start - 2020 May 26 ✨ End - 2020 October 25 ✨