1D චරිතාපදානය Dare to dreamහි හැරී සදහන් කරන්නේ තම දෙමාපියන් වෙන්වන පුවත ඔහුට හා ගැමාට පැවසූ අවස්ථාව ඔහුගේ ජීවිතයේ සාමාන්‍ය සිදුවීමක් නොවන බවයි.මේ පුවත දැනගන්නාවිටදී ඔහුට වයස යන්තම් අවුරුදු 7ක් පමණයි.
"මම හිතන්නේ මට හරියටම තේරුනේනැහැ ඇත්තටම මොකද්ද වෙන්න යන්නෙ කියලා.ඒත් තවදුරටත් මගේ දෙමාපියන් එකට නොසිටීම ගැන මම දුක්වුණා." ඔහු පැවසීය.
එකිනෙකා වෙන්වීමට පෙර ඩෙස් සහ ඈන් තවත් වසර දෙකක් එකට ජීවත් වූ අතර ඈන් හැරී සහ ගැමා චෙෂයර් ගම්බද ප්‍රදේශයේ නෝර්ත්විච් වෙත ගෙන ගියා. නමුත් හැරී යෞවනයෙකු වන විට ඔවුන් නැවත ජීවත් වූයේ හෝම්ස් චැපල්හි ය.
දශකයකට වැඩි කාලයක් එකට සිටීමෙන් පසුව ඈන් 2013 දී රොබින් ට්විස්ට් සමඟ විවාහ වුණා. හැරී තම මවගේ විවාහ මංගල්‍යයේ best man ලෙස පෙනී සිටියා.
YOU ARE READING
Wrong Direction (1D Facts in Sinhala)
RandomOne Direction Unforgettable,Funny and Happy moments in Sinhala 😘😘😍😍 Specially dedicate to the Sri Lankan Directioners 🇱🇰