Yura's Pov :
" එහෙනම් මං යන්නම්. " මං මාත් එක්ක මගේ ගේ ලගට ආපු Junghwanට කිව්වා.
" මේකද ඔයාගේ ගේ? " එයා ඇහුවා. " ඔයාට හොදට සල්ලි තියෙනවා වගේ නේද? "
" එහෙමම නෑ. " මං ටිකක් ලැජ්ජාවෙන් කිව්වා. මං කැමති නෑ කවුරුත් මට වැඩිය සල්ලි තියෙනවා කියලා හිතනවාට. මොකද ඒ සල්ලි මං හම්බ කරපුවා නෙමෙයිනේ.
" මං යන්නම් එහෙනම්. "මං යන්න හැරෙද්දී Junghwan මාව නවත්තලා මගේ කම්මුලට kiss එකක් දුන්නා.
" S-So Junghwan? "" හෙට හම්බවෙමු එහෙනම්. මං ඔයා එනකම් බලන් ඉන්නවා. " එයා දග වැඩක් කරපු කොල්ලෙක් වගේ එතනින් දුවගෙන යන ගමන් කිව්වා.
මං තාමත් ගල් ගැහිලා වගේ එක තැන හිටගෙන හිටියා. එයාගේ ඒ kiss එකට හුග කාලෙකට පස්සේ මගේ හිතට ඒ දැනෙන අමුතු හැඟීම නොදැනුනාම නෙමෙයි. එයා ඒ kiss කරපු කම්මුල අල්ලගෙන මං හිනා වෙන්න ගත්තා. එයා ඒක කරලා දුවගෙන ගියපු විදිය මතක් වෙද්දී..." එයා cute ".
" ඔයා එයාට කැමතිද? " ඒ කටහඩට මාව එකපාර ගැස්සිලා ගියා.
" Ji-Jibeom? " කළුවර අතරින් Jibeom එලියට ආවා. එයා මෙච්චර වෙලා මෙතනද හිටියේ?
" මං ඇහුවේ ඔයා එයාට කැමතිද කියලා?"
Jibeom සැරෙන් කටහඩ උස් කරලා ඇහුවා." මං....එහෙම නෑ. " මං කිව්වා.
" බොරු කියන්න එපා. ඔයා හිනා උනා. ඒ හිනාව නිකන් හිනාවක් නෙමෙයි. "
" Kim Jibeom. මං නෑ කිව්වානේ. " මාත් ටිකක් සැරෙන් කිව්වා.
" මං උදේ පාන්දර ඉඳන් practice කරලා කරලා මහන්සි වෙලා හවස් වෙච්ච වෙලේ ඉදන් ඔයාව හැමතිස්සෙම මතක් වෙන නිසා managerට හොරෙන් පැනලා ඇවිත් මග රැකන් බලාගෙන ඉන්නේ ඔයාව වෙන කොල්ලෙක් kiss කරනවා දකින්නද ? " එයා ඒක කිව්වේ ගොඩක් කේන්තියෙන් කෑගහන ගමන්.
" හරියට වෙච්ච දේ දන්නේ නැතුව බොරුවට මට කෑගහන්න එපා. මං ඔයාට එන්න කියලා නෑනේ. ඒක නිසා බොරුවට වද වෙන්න එපා. " මටත් කේන්ති ගිහින් කිව්වා.
" ඔයා මට අකමැති නම් ඔයාට ඒක මට මුලින්ම කියන්න තිබුණා Yura. " Jibeom එහෙම කියලා හැරිලා යන්න ගියා.
ВЫ ЧИТАЕТЕ
Puzzle Pieces
Фанфикum...this is my first ff so I don't know you guys will like it. but yeah please support me. and thank you.