Yura's Pov :
"මොකද තනියෙන් එලියට වෙලා කරන්නේ? "
මං හැරිලා බලද්දී මගේ දිහා බලාගෙන හිනා වෙවී හිටියේ Jibeom." Jibeom " මං ඉක්මනට ගිහින් එයාව බදාගත්තා. " මෝඩයා , මම ඔයා නැතුව කොයි තරම් පාළුවෙන්ද හිටියේ කියලා දන්නවාද? "
" මාත්. ඔයා නැතුව ඉන්නවා කියන එක කොයි තරම් අමාරුයිද කියලා මට තේරුණා. "
" එහෙනම් ආයෙත් බොරුවට රණ්ඩු වෙන්න එපා. ඔයා දන්නවනේ මං ඔයාට විතරයි ආදරේ කියලා? " මං කියද්දී එයා මගේ නලලට kiss එකක් දුන්නා.
මගේ ඇස් දෙකෙන් එකපාරටම කදුළු ගලනවා වගේ මට තේරුණා. ඒත් එක්කම මට ඇහැරුනා. මං නැගිටලා වටපිට බැලුවා.
" ඒක හීනයක්ද? " ඔව් ඒක හීනයක් විතරයි. ඒත් මට ඒක ඇත්තටම Jibeomට කියන්න පුළුවන් නම්. මං ඇත්තටම එදා එයාට කතා කරපු විදිය වැරදියි. මට ඒ විදිහට කේන්ති නොගෙන ඉන්න තිබ්බා.🍀🍀
Jibeom's Pov :
" ඔයා ඔහොම හැසිරුනොත් ඔයාගේ තැනට වෙන trainee කෙනෙක් දායි. " Jaesok hyung මගේ ලගට ඇවිත් කිව්වා.
" මට කමක් නෑ. Yura නැතුව මට වෙන කිසිම දෙයකින් වැඩක් නෑ. "
" ඔයා මෙච්චර දවස් මහන්සි වුණේ මෝඩයෙක් වගේ හැමදේම නැති කරගන්නද? " Daeyeol hyung ටිකක් සැරෙන් ඇහුවා.
" Jibeom hyung , Hyomi මට කිව්වා Yuraට වෙන කොල්ලෙක් නෑ කියලා. එහෙම ඉන්නවා නම් එයා අනිවාර්යයෙන්ම ඒක දැනන් ඉන්නවා කියලා. " Bomin කිව්වා.
" සමහරවිට ඔයා වැරදියට හිතන්න ඇති Jibeom. ඒක හින්දා එයාට කේන්ති ගිහින් ඔයාට බනින්න ඇති. " Jaehyun මට කිව්වා.
" ඔය කවුරු කොහොම කිව්වත් මම මගේ ඇස් දෙකටම දැක්කා ඒ කොල්ලා මෙයාව kiss කරනවා. " මම කිව්වා.
" හරි ඉතින් ඒ කොල්ලානෙ kiss කරේ. Yura නෙමෙයිනේ. " Joochan කිව්වා.
" ඒත් මං දැක්කා Yura හිනා වෙනවා. "
" හරි. සමහරක් විට ඔයා හරි ඇති. ඒත් ඔයා දැන් තීරණය කරන්න ඕනෙ මෙන්න මේක. කෙල්ලෙක් නිසා ඔයා මෙච්චර කල් මහන්සි වෙලා ලබාගත්ත දේවල් නැති කරගන්න තරම් ඔයා මෝඩයෙක්ද කියලා? " Donghyun මට කිව්වා.
STAI LEGGENDO
Puzzle Pieces
Fanfictionum...this is my first ff so I don't know you guys will like it. but yeah please support me. and thank you.