Han yuri 💫
හිතපු නැති වෙලාවක යුන්ගී මාව කිස් කරපු එකෙන් මගේ මුළු ජිවිතයම වෙනස් වුනා කිව්වොත් හරී. එදා ඉදලා මම හිතුවේම එයා ගැන විතරයි. ඒත් යුන්ගී කියන්නේ ම එයා එහෙම දෙයක් කලේ නෑ කියලා. ඒ වචන මාව සෑහෙන්න රිද්දුවා 😔 මම වැරදි වැඩ කලා තමයි ඒත් දැන් එහෙම නෑ මම. මම යුන්ගීට ඇත්තටම ආදරෙයි. එදා වුන දේ හීනයක් නෙමෙයි කියලත් මට හොදටම විශ්වාසයි.
යුන්ගී ව හම්බ වෙලා කතා කරපු එකෙන් වුනේ මගේ හිත රිදුන එක විතරයි. මම එයාගෙන් ඒ වගේ උත්තරයක් කොහොමත් බලාපොරොත්තු වුනේ නෑ. මොකද එදා රෑ යුන්ගීට මැදී වෙලා මම ඒ ගත කරපු කාලය මට කල්පයක් වගේ දැනුනේ. ඒ වගේම මීට කලින් කාගෙන්වත් දැනුනේ නැති හුරුපුරුදු බවක් එදා යුන්ගී ලග ඉද්දී මට දැනුනා. මම කොහොමද ඒ දේවල් බොරු කියලා හිතන්නේ.
එදා මට වැඩට යන්න හිත දුන්නේම නෑ. ඒ නිසා මම ගෙදර ඇවිත් කාමරේ දොර වහගෙන කල්පනා කරන්න ගත්තේ යුන්ගී ඇයි මට මෙහෙම කලේ කියලා. බැරි වෙලාවත් එයා මම කලින් කරපු දේවල් වලට මගෙන් පලි ගන්න හදවනවාවත්ද???? ඒත්..... ආයිෂ්...... මට තේරෙන්නේ නෑ මේ වෙන දේවල් 😣
📲📲📲📲📲📲📲📲📲📲📲📲
මගේ කල්පනා ලෝකේ තුනට හතරට සමතලා කරන ගමන් මගේ ෆෝන් එක රින්ග් වුනා. ආයිෂ්...... නිදහසේ කල්පනා කරන්නවත් දෙන්නේ නැති හැටි.
" යොබ්සයෝ "
" යහ්හ් ඔහේ කොහේද ඉන්නේ කියනවා "
අහ්හ් ඒ වෙන කව්රුත් නෙමෙයි මගේ හිතාදර eun ha ජාතිය අමතනවා.
" මම ගෙදර "
" මොකක් තාම ගෙදර ඉදන් මොකක්ද කරන්නේ??? බොස් මාව කන්න හදනවා මෙහේ. එදා award show එකේ ආර්ටිකල් එක පරක්කුයි කියලා "
" අද මට එන්න බෑ වගේ eun ha. මට ටිකක් සනීප මදී වගේ "
මම බොරු ලෙඩක් මාවා ගන්න ගමන් කිව්වා. ඇත්තටම මගේ හිත නම් ගොඩක් අසනීපෙන් හිටියේ.
" යහ්හ් ඒ ගමන මොකද???? හරි හරි මම බොස් ට කියන්නම්. ඔයා රෙස්ට් කරන්න. මම තියන්නම් එහෙනම් "
Eun ha ගේ කෝල් එකෙන් පස්සේ මම ආයෙමත් ඇදේ දිගා වෙලා කල්පනා කලේ යුන්ගීගෙයි මගෙයි ප්‍රශ්නේ ගැන.
YOU ARE READING
Don't leave me 🥀
FanfictionDon't leave me I believe, I start running No ending, you are my heartbeat 💗 Even if I'm struck by rain Even if I'm erased by darkness I will definitely save you You are not alone..........