Han yuri 💫
වෘත්තීය මාධ්‍යවේදීනියක් වන ඇයගේ කුඩා කාලයේදීම ඇගේ දෙමාපියන්ට අවාසනාවන්ත ලෙස ජිවිතයෙන් සමු ගැනීමට සිදු විය. අත්තම්මා ළග කුඩා කල සිට හුරතලේට හැදුණු වැඩුනු නමුත් ඇයගේ සමහර දඩබ්බර වැඩ පිළිබඳ අත්තම්මාද සිටියේ සිත් තැවුලෙනි. කටකාර හැඩකාර තරුණියක් වු ඇය රැකියා ස්ථානයේ කා අතරත් කතා බහට ලක් වෙන දක්ශ මාධ්‍යවේදීනියක් වු අතර ඇය බොහො සේ ප්‍රසිද්ධයක් ඉසිලුවේ BTS නැමැති කේ පොප් කන්ඩායම පිළිබඳ වෛරී සහගත තොරතුරු පල කිරීම හේතුවෙනි. ඒ නිසාවෙන් ඇයට බොහෝ කරදර වලට මුණ දීමට සිදු වු නමුත් ඇය ඇගේ වැඩ කිසි විටෙකත් නතර කලේ නැත. නමුත් එකවරම නගරයට පැමිණෙන අභිරහස් පුද්ගලයෙක් නිසා ඇගේ ඉරණම වෙනස් වෙන ආකාරය ඇයටවත් සිතා ගත නොහැකි විය. ඇගේ ඉරණම්කාරයා කව්ද??? ඇගේ මේ දඩබ්බර ජිවිතය කෙසේ විසදේවිද??? දැනගන්න Don't leave me කියවන්න කියා ආදරයෙන් ආරාධනා කරනවා......
Min Yoongi 🖤
ලෝකයක් ආදරේ කරන BTS සංගීත කණ්ඩායමේ සමාජිකයෙක් වන අතර වැඩි කතාබහක් නැති කෙනෙකි. රසිකයන් ඔහුව savage king ලෙස හදුන්වන්නේද ඔහුගේ ඇති දැඩි බව හේතුවෙනි. නමුත් ඒ දැඩි බව එක හිතක් ඉදිරියේ දිය වී යන ආකාරය ඔහුටද සිතා ගත නොහැක. දක්ශ රැප් ගායකයෙක් සේම ගීත රචකයෙක් ලෙසත් ලෝකයේම ආදරේ දිනාගත් ඔහුවත් නොදන්නා ඔහුගේ ඉරණම කොයි ආකාරයෙන් වෙනස් වෙවීද??? ඒ හිත අවනත වු එකම කෙනාව ඔහුගේ කර ගැනීමට ඔහුට හැකියාව ලැබෙයිද??? දැනගන්න දිගටම Don't leave me සමග ඉන්න........
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
Writer's note 📝
හායි ළමයි 🙋🏻♀️ ඔන්න මම අද ආවේ පොඩි තෑග්ගක් අරගෙන. මේ මගේ අලුත් ම Fanfiction එක. මම මේක ලියන්නේ මගේ හොදම යාළුවාගේ බර්ත් දේ ගිෆ්ට් එකක් විදිහට. ඉතිං අද එයාගේ බර්ත් දේ එක ❤️Wish your Happy Birthday my bestie❤️
මේ පාර ඔයාගේ බර්ත් දේ ගිෆ්ට් වලින් එකක් විදිහට මේක බාරගන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම මගේ Fanfiction කියවන මගේ ආදරණීය readers ලා ඔක්කෝමටමත් මේක මගෙන් ලැබෙන අලුත් කතාව. ඉතිං මාත් එක්ක හැමදාම ඉන්න ඔයාලාට ගොඩක් ස්තුතියි💜
YOU ARE READING
Don't leave me 🥀
FanfictionDon't leave me I believe, I start running No ending, you are my heartbeat 💗 Even if I'm struck by rain Even if I'm erased by darkness I will definitely save you You are not alone..........